ශ්‍රි ලංකාවේ විවිධ නිෂ්පාදන ක්ෂේත්‍රවල ප්‍රසාරණයක් ඇති කිරිම අරමුණු කරගෙන දිගු කාලින ණය සැපයිම මෙන්ම ව්‍යාපාරවල කෙටස් ප්‍රාග්ධනයට දායක විම පිණිස ද 1979 අංක 02 දරණ පාර්ලිමේන්තු පනත යටතේ ශ්‍රි ලංකා ජාතික සංවර්ධන බැංකුව පිහිටුවන ලදි.
රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයටද පුර්ණ විදේශ අයිතිය නැති, විදේශ ප්‍රාග්ධන සහභාගිත්වය සහිත ආයතන වලටද මේ බැංකුවෙන් අරමුදල් ලබා ගත හැකිය. ශ්‍රි ලංකා ජාතික සංවර්ධන බැංකුව දැනට ක්‍රියාත්මක කරන ප්‍රධාන ණය යෝජනා ක්‍රමයක් ලෙස සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත (මු.ම.ක) ණය යෝජනා ක්‍රමය හැදින් විය හැකිය. මේ ණය යෝජනා ක්‍රමය හැදින්විය හැකිය. මේ ණය යෝජනා ක්‍රමයේ මුලික අරමුණ වන්නේ මුල්‍ය හා තාක්ෂණ පහසුකම් ලබාදිම මගින් සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත නගා සිටුවිමයි. මේ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරිම සදහා ලංකා බැංකුව, මහජන බැංකුව, සීමා සහිත ලංකා වාණිජ බැංකුව, සීමා සහිත හැටන් නැෂනල් බැංකුව, ලංකා සංවර්ධන මුල්‍ය සංස්ථාව, සම්පත් බැංකුව යන මේවා සහය වේ. මේකි ආයතනවලින් සැපයෙන ණය ප්‍රමාණයෙන් 80% ක් ප්‍රතිමුල්‍යනය කරන්නේ ශ්‍රි ලංකා ජාතික සංවර්ධන බැංකුවයි. මේ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරිම සදහා අවශ්‍ය අරමුදල් පහසුකම් සපයන්නේ ලෝක බැංකුවට අනුබද්ධ ආයාතනයක් වන අන්තර් ජාතික සංවර්ධන ආයතනයයි.
කාර්මික, කෘෂිකාර්මික, ධිවර, සංචාරක, තැනිම් හා ඉදිකිරිම් ආදි කටයුතු සදහා අරමුදල් සැපයේ . ණය සෘජුවම සැපයිම, ණය ප්‍රතිමුල්‍යනය කිරිම, සමාගම්වල කොටස් මිලට ගැනිම, නිකුත් කරන කොටස් ප්‍රාරක්ෂණය කිරිම, විශාල ණය මුදලක් ලබා දිමට බැංකුවට නොහැකි අවස්ථාවලදි වෙන ආයතනයක් සමග (සහමුලන) හෝ කිහිපයක් සමග (සම්මේලනය) (syndicate) හෝ එකි ණය මුදල ලබා දිම, මේ බැංකුව අරමුදල් සපයන ක්‍රම වේ.
