රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව
 

රාජ්‍ය උකස් බැංකුවත් කෘෂිකාර්මික හා කාර්මික ණය සමායතනයත් ඒකාබද්ධ කිරිමෙන් 1975 අංක 13 දරණ පාර්ලිමේන්තු පනත යටතේ රාජ්‍ය උකස් හා ‍අ‍ායෝජන බැංකුව පිහිටුවන ලදි. මෙය සම්පුර්ණයෙන් රජය සතු බැංකුවකි. ඉහත සදහන් කළ ආයතන දෙක ඒකාබද්ධ කර ඇති හෙයින් ඒ ආයතන දෙකටම අයත් කාර්ය ඉටු කිරිම මේ බැංකුවෙන් අපේක්ෂා කෙරේ.


මේ බැංකුව ණය පහසුකම් සපයන මුලික කාර්ය පහත දැක්වේ.



  • කෘෂීකාර්මික කටයුතු සදහා ඉඩම් මිලට ගැනිම හා දියුණු කිරිම
  • නිවාස ඉදිකිරිම සදහා ඉඩම් මිලට ගැනිම, නිවාස ඉදි කිරිම, අලුත්වැඩියා කිරිම, නවිකරණය කිරිම නිවාස මිලට ගැනිම
  • ඉහත සදහන් කටයුතු සදහා ලබා ගත් ණය බේරුම් කිරිම සදහා මුදල් සැපයිම
  • ඉහත සදහන් කටයුතු සදහා ලබාගත් ණය බේරුම් කිරිම සදහා මුදල් සැපයීම
  • විකිණිම සදහා නිවාස ඉදිකිරිමට ණය සැපයිම

එහෙත් ක්‍රියාකාරිත්වය අතින් බලන කල එය, නිවාස ක්ෂේත්‍රයට ණය සැපයිම කෙරෙහි වැඩි අවදානය යොමු කර තිබෙනු දැකිය හැකිය. ණයකර නිකුත් කිරිම, රජයෙන් සැපයෙන ආධාර මුදල්, ශ්‍රි ලංකා මහ බැංකුවේ අනුමැතිය ලත් ආයතනවලින් ගන්නා ණය, බැංකු අයිරා පහසුකම් යනාදි මාර්ගවලින් බැංකුව, එහි කටයුතු සදහා අරමුදල් එක්රැස්කර ගනි.


මේ හැර මෑතක සිට ස්ථාවර තැන්පතු, ඉතිරි කිරිමේ තැන්පතු, විශේෂ ඉතුරුම් තැන්පතු ඇප වශයෙන් ඉදිරිපත් කර ණය පහසුකම් ලබා ගැනිමට ද තැන්පතු හිමියාට ඉඩ සැළසේ.

(c) Shilpa Sayura Foundation 2006-2017