මේ වර්ගට අයත් බැංකුව, ජාතික ඉතිරි කිරිමේ බැංකුවයි. මේ බැංකුව පිහිටුවා ඇත්තේ 1971 අංක 30 දරන ජාතික ඉතිරිකිරිමේ බැංකු පනතේ විධිවිදානවලට අනුව ලංකා ඉතිරි කිරිමේ බැංකුව, ජාතික ඉතිරි කිරිමේ ව්‍යාපාරය යන ආයතන තුන ඒකාබද්ධ කිරිමෙනි.
මේ ඉතිරිකිරිම ජනතාවට හුරුපුරුදු කිරිම මගින් දේශිය ඉතුරුම් මට්ටම ඉහළ නැංවිම බැංකුවේ ප්‍රධාන අරමුණ වේ. මෙසේ ඉතිරි කිරිම මගින් ලැබෙන මුදල රජයේ සංවර්ධන කටයුතු සදහා ලබාදිමත් නිවාස තැනිමට අවශ්‍ය ඉඩම් ගැනිම, නිවාස තැනිම, නිවාස මිලට ගැනිම සදහා ගණුදෙනු කරුවනට ණය සැපයිමත් බැංකුවෙන් කෙරේ. ඉතිරි කිරිම් ගිණුම්, ජාතික ඉතිරි කිරිමේ බැංකුවේ ඔනැම ශාඛාවකින් හෝ ඕනැම තැපැල් කාර්යාලයක හෝ ආරම්භ කළ හැකිය. මේ බැංකුවේ ආරම්භ කළ හැකි ගිණුම් අතර සමාන්‍ය ඉතිරි කිරිමේ ගිණුම්ද ස්ථාවර තැන්පතු ගිනුම්ද ප්‍රධාන වේ. ඒ හැර ඉතිරිකිරිම් සදහා පෙළඹ විම පිණිස උපයන විට ඉතිරි කිරිම, තිලිණපත් විකිණිම යනදි ක්‍රමද ක්‍රියාත්මක කරනු දැකිය හැකිය.
