විදේශ ගණුදෙනු වලට අදාල සේවා සැපයිම
 

වාණිජ බැංකුවලට විදේශ ගනුදෙනුවලට අදාලව සලසන සේවා වලින් සමහරක් පහත දැක්වේ.



  • විනිමය බිල්පත් සදහා අය ලාබා ගැනිම හා විනිමය බිල් වට්ටම් කිරිම - අපනයන කරුවන් සිය භාණ්ඩ සදහා එතෙර ආනයන කරුවන්ගෙන් අය ලබා ගැනිම පිණිස භාවිතාකරන ඉතාමත් ප්‍රචලිත මාධ්‍ය ‍විනිමය බිල්වේ. එතෙර ආනයනකරු (ණය ගැතියා) බිල ප්‍රතිගහණය කිරමෙන් පසු අපනයනකරු ඒ බිල සදහා අය ලබා ගැනිම පිණිස අදාල ලියවිලි සිය බැංකුව වෙත ඉදිරිපත් කරයි. බිල කල්පිරෙන අවස්ථාවේදි අපනයනකරුගේ බැංකුව එතෙර ආනයනකරුගේ බැංකුව වෙත බිල ඉදිරිපත් කර අය ලබාගෙන, ආනයන කරුගේ ගිණුමට බැරකරයි.




බිල කල්පිරිමට පෙර අපනයනකරුට යම් මුදලක අවශ්‍යතවක් ඇති වුවහොත් එය බැංකුව ලවා වට්ටම් කරවා ගත හැකිය.



  • විදේශ බැංකු අණකර නිකුත් කිරිම - විදේශ රටක සිටින පුද්ගලයකුට හෝ ආයතනයකට හෝ මුදල් යැවිමේදි බෙහෙවින් භාවිතා කරන්නේ විදේශ අණකර වේ. විදේශ රටක සිටින පුද්ගලයකු වෙත මුදල් එවිම සදහා බැංකු අණකර යොදාගත හැකිය. නිදසුනක් වශයෙන් දැක්වුවහොත් විදේශයක සේවය කරන්නෙකුට මෙහි සිටින තම ඥාතියකුට මුදල් එවිම අවශ්‍ය වන විට ඔහු කරන්නේ ඔහු කරන්නේ බැංකු අණකරයක් වාණිජ බැංකුවකින් ලබා ග‍ැනිමයි. බැංකු අණකරය ලබන්න‍ාට එහි සදහන් මුදල බැංකුව මගින් ලබාගත හැකිය. (බැංකු අණකර පිළිබද විස්තර කලින් සදහන් කර ඇත.)

  • ණයවර ලිපි නිකුත් කිරිම - ණයවර ලිපියක් යන්නෙන් අදහස් කරන්නේ ආනයන කරන භාණ්ඩ සදහා සකස් කර එවුණු විනිමය බිලක් ආනයනකරු වෙනුවෙන් ප්‍රතිගහණ කරන බවටත් කල් පිරුණු විට ඒ බිල ගරු කරන බවටත් යම් වාණිජ බැංකුවක් එතෙර සිටින ආනයනකරුගේ බැංකුව වෙත ආනයනකරුගේ ඉල්ලිම මත නිකුත් කරන ලියවිල්ලයි. නිකුත් කරන බැංකුවේ නම, ආනයනකරුගේ නම, බැංකුව උපරිම වශයෙන් ගෙවන මුදල් ප්‍රමාණය, වලංගු කාල සීමාව, අංකය හා දිනය ආදි කරුණු ණයවර ලිපියක සමාන්‍යයෙන් ඇතුළත් වේ.

  • විදේශිය මුදල් විකිණිම හා මිලට ගැනිම - දේශිය මුදල්වලට විනිමය මුදල් ද විදේශ මුදල්වලට දේශිය මුදල්ද මාරු කිරිම වාණිජ බැංකු වලින් සැළසෙන තවත් සේවාවකි. (මේ පහසුකම් ලබාගත හැක්කේ අනුමැතිය ලත් පුද්ගලයනට අනුමැතිය ලත් අවශ්‍යතා සදහාය.)

  • සංචාරක චෙක්පත් නිකුත් කිරිම හා මුදල් කිරිම - විදේශ සංචාර සදහා සංචාරක චෙක්පත් (travelers)නිකුත් කිරිමත් සංචාරක චෙක්පත් සදහා මුදල් ගෙවිමත් බැංකු සලසන තවත් සේවාවකි.

  • තැපැල් පැවැරුම් හා විදුලි පැවැරුම්‍ සේවාව - තැපැල් පැවැරුමක් (postal transfer) යනු බැංකුවක විසින් විදේශයක සිටින පේෂණ ලාභියකු‍ට කිසියම් යම් මුදලක් ‍ෙගවන ලෙස එහි ‍විදේශ ශාඛාවට හෝ නියෝජිත බැංකුවකට හෝ ගුවන් තැපැලෙන් යැවෙන නියෝගයකි. මෙවැනිම නියෝගයක් දුරකතන, කෙබල් යනාදි මාධ්‍යවලින්යැවෙන විට එය විදුලි පැවැරුමක් (telegraphic transfer) වේ.

  • අනේවාසික විදේශ විවහර මුදල් පවත්වාගෙන යම - විදේශ වල සිටින ශ්‍රි ලංකිකයනට ශ්‍රි ලංකාවට මුදල් පේෂණය කිරිම සදහා පහසුකම් සැළසිම තුලින් රටට විදේශ විනිමය ගල‍ා ඒම වැඩි කිරිම අරමුණු කරගෙන හදුන්වා දි ඇති ගිණුම් ක්‍රමයකි. මෙය විදේශිය ආදායම් උපයන ඕනෑම ශ්‍රි ලංකිකයකුට බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුම්,එක්සත් ‍ජනපද ඩොලර්, ස්විස් ෆැන්ක්, ප්‍රංශ ෆැන්ක් යනාදි මෙතෙක් අනුමත ඕනෑම මුදලකින් ‍මේ ගිණුම ආරම්භ කිරිමට හැකි වේ. ගිණුම් හිමියා වාසය කරන විදේශ රටේ යම් බැංකුවක විදේශ ශාඛා මගින් මේ ගිණුමට මුදල් ප්‍රෙෂණය කළ හැකිවේ. ඒ හැර ගිණුම පවත්ව‍ාගෙන යන බැංකුවට, බැංකු අණකර, ‍පුද්ගල චෙක්පත් ආදිය එවිම මගින්ද, තම ගිණුමට මුදල් බැරකරවා ගත හැකිය. විදේශගත වි සිටින පුද්ගලයකු හට ශ්‍රි ලංකාවට පැමිණිමෙන් පසු හය මාසයක් ඇතුළත දි වුව මේකි ගිණුම ආරම්භ කළ හැකිය. පොළි ලැබෙන්නේ විදේශ මුදලින්මය. පොළි ආදායම් බද්දෙන් නිදහස් වන අතර අනුමත ඕනෑම කාර්යක් සදහා විදේශ මුදලින්ම ලබා ගැනිමට ද පුළුවන. මෙහි ඇති මුදල් ඕනෑම අවස්ථාවකදි දේශිය මුදලින්ද ලබාගත හැකිය.

  • නේවාසික විදේශ විවහාර මුදල් ගිණුම් ක්‍රම - ශ්‍රි ලංකිකයනට ‍හෝ ශ්‍රි ලංකාවේ වෙසෙන විදේශිකයනට හෝ තමන්වෙත ලැබි ඇති විදේශිය පේෂණය හෝ ‍ෙර්ගුවලට හෝ තැන්පත් කළ හැකි ගිණුම් විශේෂයකි. මෙය ඉහත සදහන් කළ පාර්ශවය හැරුණු කො, විදේශගත ව සි‍ටින තම නෑයන්ගේ හෝ හිත මිතුරන්ගෙන් හෝ ලැබුණු පිළිගත් විදේශ මුදල් ඇති ශ්‍රි ලංකිකයකුට විනිමය පාලකයාගේ පුර්ව අනුමැතිය ඇතිව ඒකි ගිණුමක් ආරම්භ කිරිමට පුළුවන. මේ විදේශ මුදල් ගණයට ඇමරිකානු ඩොලර්, බ්‍රිතාන්‍ය ස්‍ටර්ලිං පවුම් ජර්මන් ඩොයිෂ් මාර්ක් හෝ පිළිගත් විදේශීය මුදල් වර්ගයක් හෝ අයත් වේ. මේකි ගිණුමක් ඩොලර් 5000 කින් නැත හොත් එයට සමාන අගයකින් යුත් වෙනත් පිළිගත් විදේශ මුදලකිනි. මේවා ඉතිරිකිරිමේ හෝ ස්ථාවර තැන්පතු ‍හෝ ගිණුම් වශයෙන් තනිවම හෝ හවුලේ හෝ ආරම්භ කළ හැකිය. මේ තැන්පතු සදහා විදේශ මුදලින් ම පොළි ලැබෙන අතර දේශීය හා විදේශිය ගෙවිම් සදහා සීමාවකින් තොරව ගිණුමේ ඇති මුදල් භාවිතා කිරිමට‍ ඉඩ ඇත.

  • ඉලෙක්ට්‍රෝනික් ටෙලර් කාඩ් - මේ ක්‍රමය යටතේ කාඩ් පතක් ලබා ගැනිම සදහා අදාල ආකෘති පත්‍රය සම්පුර්ණ කර බැංකුව වෙත ඉදිරිපත්කළ යුතුය. බැංකුව අයදුම්කරු බැංකුවෙත ඉදිරිපත් කළ යුතුය. බැංකුව අයදුම්කරු සම්බන්ධයෙන් සෑහිමට පත් වුවහොත් අදාල පුද්ගල අනන්‍යතා අංකයද කාඩ්පතද ඔහු වෙත නිකුත් කරනු ඇත. මේ කාඩ්පතේ බැංකුවේ ලාංජනය, ගණුදෙනුකරුගේ නම, ආදර්ශ අත්සන, සහිත වද්‍යුත් චුම්භක තීරය, නිකුත් කළ දිනය, අංකය, කාඩ්පතේ හැදුණුම් නාමය, යන පෙ‍ාදු ලක්ෂණ දක්නට ඇත. මහජන බැංකුවේ පෙට්, ලංකා වාණිජ බැංකුවේ කැට් යන මේවා නිදසුන් වශයෙන් දැක්විය හැකිය.

දවසේ ඔනෑම අවස්ථාවකදි තම ගිණුමෙන් මුදල් ලබා ගත හැකි විම, තැන්පත් කළ හැකි විම, ගිණුමේ ශේෂය දැනගත හැකි විම, ගනුදෙනුකරුගේ ගිණූමෙන් ඒ බැංකු‍වේම වෙනත් ගිණුමක‍ට මුදල් මාරු කල හැකි වීම යනාදිය මේ කාඩ් පතෙන් ලැබෙන ප්‍රයෝජන සමහරක් වේ. ඉහත කී කර්යය කෙරෙන්නෙ ටේලර් නමින් හැදින්වෙන යන්ත්‍රය මගිනි. ගනුදෙනු කරුට පහසුවෙන් ලගා විය හැකි ස්ථානයක සවිකර ඇති මේ යන්ත්‍රය වෙත ගොස් එයින් නිකුත් වෙන උපදෙස් අනුව ක්‍රියා කළ යුතුය.



  • ණය පත් - මේවා පුද්ගලයනට අවශ්‍ය භාණ්ඩ හා සේවා මුදල් පසුව ගෙවිමේ පදනම මත ලබා ගැනිම සදහා යොදා‍ගත හැකි කාඩ් පත් විශේෂයකි. මේ කාඩ්පත ලබා ගැනිම සදහා අදාළ ආකෘති පත්‍ර සම්පුර්ණ කර එය නිකුත් කරන බැංකුව හෝ ආයතනය හෝ ගිවිසුමකට එළඹිය යුතුය. එසේ ලබාගත් ණය පතක් (Credit card) ඉදිරිපත් කිර‍ිමෙන් නිෂ්චිත උපරිමකයට යටත්ව අනුමත ව්‍යාපාර ආයතනයකින් භාණ්ඩ හා සේවා හෝ ලබා ගැනිමේ අවස්ථාව ඒ ක‍ාඩ්පත හිමියාට ලැබේ. ඒ හැර සමහර යම් උපරිමයට යටත්ව මුදල් වුවද මුදල් වුවද ලබාගත හැකිය. ණය පනත් නිකුත් කළ ආයතන විසින් ගනුදෙනු පියවිම සදහා නියමිත කාලසීමාවක් දි ඇති අතර, එය ඉක්මවු විට පොළියක් ගෙවිමට ණයපත් හිමියාට සිදුවේ. මෙහිදි ව්‍යාපාර හිමියා ලැබිය යුතු මුදල අදාල බැංකුවෙන් හෝ ආයතනයෙන් ‍ෙගවනු ලබන අතර ඒ වෙනුවෙන් වෙන් කොමිස් මුදලක් ද අය කර ගනු ලැබේ. ලංකා බැංකුවේ සී බැන්ක් විසා කාඩ්පත , මහජන බැංකුවේ පීපල්ස් කාඩ්පත, සම්පත් බැංකුවේ මාස්ටර් කාඩ්පත, සීමා සහිත ගෝල්ඩන් කී කෙඩිට් සමාගමේ ‍ගොල්ඩ් කාඩ්පත යන මේවා නිදසුන් වශයෙන් දැක්විය හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017