අනිකුත් සේවා
 

වාණිජ බැංකු ගනුදෙනු කරුවනට සළසන විවිධ සේවා අතුරින් සමහරක් පහත දැක්වේ.


චෙක්පත් මිලට ගැනිම - ගනුදෙනු කරුවකු ලත් චෙක්පත් නිෂ්කාශනය මගින් උපලබ්ධ විමට පෙර ඔහුගේ ඉල්ලිම පරිදි බැංකුව අප්‍රමාදව මුදල් ගෙවිම චෙක්පත් මිලට ගැනිම යනුවෙන් හැදින්වේ. මෙසේ මිලට ගන්න‍ා චෙක්පත් වෙනුවෙන් බැංකු සුළු ගාස්තුවක් ඇතැම් විට අය කරයි. බැංකුව එසේ මිලට ගන්නේ රජයේ ආයතන මෙන්ම බැංකුව පිළිගන්නා පෞද්ගලික ආයතනද නිකුත් කරන චෙක්පත් පමණි.


විනිමය බිල් වට්ටම් කිරිම - විනිමය බිලක් වට්ටම් කිරිම (discounting of a bill of exchange) යනුවෙන් අදහස් කෙරෙන්නේ කල් පිරිමට පෙර ඒකි බිල වාණිජ බැංකුවට ඉදිරිපත් කර එහි මුහුණත වටිනාකමට අඩු ව‍ටිනාකමක් ලබා ගැනිමයි. මෙහිදි බැංකුව අඩුකරන මුදල හෙවත් වට්ටම රදා පවතින්නේ බිල වට්ටම් කළ දිනයත් කල් පිරෙන දිනයත් අතර කාලයද පොළි අනුපාතිකයද මතය.


ඇපකාර ලිපි - භාණ්ඩ හෝ සේවා හෝ ලබා ගැනිම සදහා ඒවා සපයන්න‍න් වෙත ඇප ඉදිරිපත් කරන්නන් වෙත ඇප ඉදිරිපත් කිරිමට සමහර අවස්ථාවලදි සිදුවේ. ඒකි අවස්ථාවලදි භාණ්ඩ හෝ සේවා හෝ ලබාගන්නා ගනුදෙනුකරුවන් වෙනුවෙන් බැංකු ලවා ඇපකාර ලිපි (letters of guarantee) නිකුත් කරවා ගැනිමට පුළුවන. භාණ්ඩ හෝ සේවා ලබාගත් පාර්ශවය ඒවා සදහා මුදල් ගෙවිමට යම් හෙයකින් අපෝසත් වුවහොත් ඒවා පියවිමට බැංකුව ඇපකාර ලිපි මගින් පොරොන්දු වෙයි.


ආරක්ෂක භාර සේවා - ගනුදෙනු කරුවන් සතු වටිනා ලියවිලි, ස්වර්ණාභරණ, මුතු, මැණික් යනදිය ආරක්ෂාකර දීම සදහා ඇතැම් වාණිජ බැංකු සුරක්ෂිතාගාර (vaults) පවත්වා ගනිමින් මේ සේවාව ඉටුකරයි. ව‍ාණිජ බැංකු මේ සේවාව වෙනුවෙන් යම්කිසි ගාස්තුවක් අයකරයි.


උකස් කටයුතු - හදිසි මුල්‍ය අවශ්‍යතා පිරිමසාලිම සදහා රන් රිදි ආභරණ ඇප වශයෙන් තබා ඒවායේ වටිනාකමින් යම් උපරිම මටිටමක් නොයික්මන මුදලක් ඇතැම් බැංකු සපයයි. මේ ණය සදහා පොළියක් ද බැංකු අයකරයි.


ඔඩපන ණය - ආනයන කරුවන‍ට අවශ්‍ය මුල්‍ය පහසුකම් සැපයිම සදහා ඔවුන් ආනයන කරන බඩු තොගය ඇපයට තබා ගෙන වාණිජ බැංකු සපයන ණය, ඔඩපන ණය (pledged loans) නමින් හැදින්වේ.


පොල්මඃකාර කටයුතු සදහා භාරකාරත්ව සේවා - පොල්මඃකාර (executor) කටයුතු යනුවෙන් අදහස් කරන්නේ මිය ගිය පුද්ගලයකුගේ අන්තිම කැමැත්ත last will) පරිදි අර්ථලාභින් (beneficiaries) වෙනුවෙන් ඔවුන්ගේ දේපොළ නඩත්තු කිරිම හා පාලනය කිරිමයි.


භාරකාරත්ව (trusteeship) සේවා යනු පුද්ගලයන් හෝ ආයතන වෙනුවෙන් චංචල හෝ නිශ්චල දේපොළ කළමණාකරණයයි.


ආයෝජන හා ව්‍යාපාරික උපදෙස් සැපයීම - අරමුදල් වඩා ඵලදායි ලෙස ආයෝජනය කිරිම පිළිබද අවශ්‍ය කළමණාකරණ හා ශිල්පීය උපදෙස් ව්‍යාපාරිකයනට සැපයිම වාණිජ බැංකු සලසන තවත්සේවාවකි.


ප්‍රජා ණය නියාමක් ක්‍රමය - පොදු ජනතාවගේ ක්ෂණික හා කෙටිකාලින මුදල් අවශ්‍යතා සපුරාලිම සදහා මහජන බැංකුව , සම්පත් බැංකුවයනාදි බැංකු විසින් තෝරාගනු ලැබු පුද්ගලයන් මගින් මේ ක්‍රමය දිවයිනේ විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක කෙරේ. මෙලෙස ‍තෝරාගත් පුද්ගලයන් ප්‍රජා ණය නියාමයන් වශයෙන් හැදින්වෙන අතර නිෂ්චිත වාර්ෂික පොළි අනුපාතිකයකට යටත්ව, බැංකුව පිළිගන්නා අපයක් මත යම් කිසි ණය මුදලක් ඔවුනට සැපයෙයි. පොදු ජනයා‍ට ණය සැපයිමේදි එක් පුද්ගලයකුට දිය හැකි උපරිම මුදලත් ණය සදහා අය කළ හැකි උපරිම වාර්ෂික පොළි අනුපාතයත් නියම කරන්නේ අදාලබැංකුවයි.

(c) Shilpa Sayura Foundation 2006-2017