චෙක්පත් - මෙය කලින් විස්තර කර ඇත.
බැංකු අණකර - මෙය, යම් නිෂ්චිත මුදලක් නිෂ්චිත ආදායකුට ගෙවන ලෙස එක් බැංකුවක් එහි ශාඛාවකට හෝ වෙනත් බැංකුවකට හෝ දෙන ලිඛිත නියෝගයකි. බැංකු අණකරයක් (bank draft) ලබා ගත යුතු පුද්ගලයා, අවශ්‍ය විස්තර සපයා නියමිත මුදල හා කොමිස් මුදල ගෙවු විට, බැංකුව අදාළ තොරතුරු ඇතුළත්කර බැංකු අණකරයක් සකස්කර එය ඔහුවෙත යැවු විට නියමිත බැංකුවට ඉදිරිපත් කර මුදල් ලබා ගැනිමට පුළුවන. බැංකු අණකර දේශිය හා විදේශිය වශයෙන් ලබාගත හැකිය. බැංකු අණකර අන්සතු කළ හැකි ලියවිල්ලක් නොවේ. එසේම බැංකු අණකරයක් ගැනිම සදහා බැංකුවක් ගිණුමක් තිබිමද අවශ්‍යම නොවේ.
ගෙවුම් ඇණවුම් - බැංකු අණකරයට තරමක් සමාන ලක්ෂණ ඇති ගෙවුම් ක්‍රමයක් වශයෙන් ගෙවුම් ඇණවුමක් දැක්විය හැකිය. නියමිත මුදල හා කොමිස් මුදල බැංකුවට ගෙවු විට ආදායකයාගේ නමට ලියන ලද ගෙවුම් ඇණවුමක් බැංකුව නිකුත් කරයි. එය ගනුදෙනු පියවිම සදහා යොදාගත හැකිය. ගෙවුම් ඇණවුමක් සදහා මුදල් ලබා ගැනිම පිණිස බැංකු ගිණුමක් සමාන්‍යයෙන් අවශ්‍ය වේ. මෙයද බැංකු අණකරයක් මෙන් අන්සතු කළ හැකි නොවේ. බැංකුව විසින් මුදල් භාරගෙන, නිකුත් කරන චෙක්පතකට වඩා වැඩි විස්වාසයක් හා පිළිගැනිමක් ඇති ලියවිල්ල ලෙස සැළකේ. ගෙවුම් ඇණවුම් නිකුත් කරන්නේ දේශිය වශයෙන් පමණි.
දුටුවන ගෙවුම් අණකරය - මුදල් රැගෙන යාමේ අවදානම මගහරවා ගැනිම පිණිස ඇතැම් බැංකු විසින් හදුන්වා දී ඇති ක්‍රමයකි, මෙය. භාහිර පාර්ශවයකට ගෙවිමක් කළ යුතු අවස්ථාවකදි එලෙස ගෙවිය යුතු පාර්ශවයේ නම හා මුදල සදහන් කර, බැංකුවේ බලධාරියාගේ අත්සන සහිතව නිකුත් කරන ලියවිල්ලකි. මේ අණකරය ලබා ගැනිම සදහා භාහිර පාර්ශවයකට ගෙවිය යුතු මුදල හා ඒ වෙනුවෙන් අය කෙරෙන කොමිස් මුදලද බැංකුවට ගෙවිය යුතුය. අදායකයා විසින් මේ ලියවිල්ල අදාල බැංකුව වෙත ඉදිරිපත් කර, තම අනන්‍යතාව තහවුරු කළ සැනෙකින් අණකරයේ සදහන් මුදල ලබාගත හැකිය. නැතහොත් ඔහුගේ අභිමතය පරිදි තම ගිණුමට වුවද බැරකරවා ගත හැකිය.
ගනුදෙනුකරුවනට ණය පහසුකම් සැළසීම - වාණිජ බැංකු ගනුදෙනුකරුවන්ගේ මුල්‍ය අවශ්‍යතා ඉටු කිරිම සදහා විවිධ වර්ගවල ණය පහසුකම් දළසනු දැකිය හැකිය. ඒවායින් සමහරක් පහත දැක්වේ.
බැංකු අයිරා - අයිරාවකින් කෙරෙන්නේ බැංකු අණකරුවකුගේ ජංගම ගිණුමේ වාසි ශේෂය ඉක්මවා බැංකුව එකගවු සීමාවක් තෙක් චෙක්පත් මගින් ගෙවිම් කිරිමට ඉඩ සැළසිමයි. බැංකු පොළි අය කරන්නේ අනුමත කරුණු බැංකු අයිරාව මත නොව ගනුදෙනු කරු ඇත්ත වශයෙන්ම ඒ අයිරාවේ ප්‍රායෝජනයට ගත් ප්‍රමාණය අනුවය. අයිරා පහසුකම් ස්ථිර, තාවකාලික යන දෙයාකාරයෙන්ම ලබාගත හැකිය. කළමණාකරුගේ අභිමතය පරිදි, ඇප රහිතව සපයන සෙසු අයිරා පහසුකම් තාවකාලික කෙටිකාලින ඒවා වේ.
බැංකු ණය - බැංකු ණයක් (bank loan) යනු ඇපයක් මත නිෂ්චිත කාලයකදි පොළියත් සමග වාරික ආපසු අයකර ගැනිමේ කොන්දේසියට යටත්ව පුද්ගලයකුට හෝ ආයතනයකට හෝ බැංකුවක් සපයන මුල්‍ය පහසුකමකි. මේවා කෙටි, මධ්‍ය, දිගු කාලින යනුවෙන් ත්‍රිවිධාකාර වේ. බැංකු ණය ලබාගැනිම සදහා ඉදිරිපත් කළ යුතු ඇප, අදාළ ණය මුදල හා කාල සීමාව අනුව වෙනස් වේ. ඇප ප්‍රධාන වශයෙන් තුන් ආකාරයකට ඉදිරිපත් කරනු දැකිය හැකිය. ඒවායින් පුද්ගල ඇප එක් වර්ගයකි. ණයකරු ණය ආපසු ගෙවන බවට බැංකුව පිළිගන්නා පුද්ගලයකු හෝ පුද්ගලයන් කිහිප දෙනකු හෝ සහතික විම පුද්ගල ඇප (personal guarantee) වශයෙන් සැළකේ. චංචල දේපල (movable property) ඇප වශයෙන් තැබිම තවත් ක්‍රමයකි. මෙහිදි ණයකරුට අයත් රථවාහන, බඩු තොග ආදිය ඇප වශයෙන් ඉදිරිපත් කෙරේ. නිශ්චල දේපල ඇප වශයෙන් තැබිම තෙවන ක්‍රමයයි. මෙහිදි ඇප වශයෙන් ඉදිරිපත් කෙරෙන්නේ ණයකරුට අයත් ඉඩම්, ගොඩනැගිලි ආදියයි.
