අංකිත ගිණුම
 

1990 අංක 39 දරණ බැංකු සංශෝධනය (1988 අංක 30) පනත ය‍ටතේ බලපත්‍රලාභි වාණිජ බැංකුවලට අංකිත ගිණුම් (numbered accounts) පවත්වාගෙන යාම සදහා ශ්‍රි ලංකා මහබැංකුව ඉඩ සලසා ඇත.


පුද්ගලයන්ගේ නමින් නොව ඔහු දී ඇති ආනන්‍යතා අංකයක් යටතේ පවත්වාගෙන යනු ලබන ජංගම ගිණුමක් හෝ ඉතිරිකිර‍ිමේ ගිණුමක් හෝ අංකිත ගිණුමක් වේ. ගිණුම් හිමියන‍ට මේ ගිණුම් මත ණය පහසුකම් ලබාගත නොහැකිය.


මේ අංකිත ගිණුම් ආරම්භ කළ හැක්කේ විදේශිකයන‍ට හෝ දේශිය ආදායම්බදු පනත යටතේ අනේවාසිකයන් සේ පිළිගැනෙන ශ්‍රි ලංකිකයන්ට හෝ පමණි. මේ ගිණුම් මගින් මුදල් වර්ග කිහිපයක් යටතේ ගනුදෙනු කළ හැකිය. ඇමරිකන් ඩොලර්, බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුම්, ප්‍රංශ ෆැන්ක්, ජපන් යෙන්, ජමන් ඩොයිෂ් මාක් ඒවායින් සමහරකි. මේ ගිණුම් සම්බන්ධයෙන් සම්පුර්ණ රහස්‍යතාවය රැකිමට බැංකුව බැදි ඇත. එහෙත් ගිණුම් හිමියාගේ ඉල්ලුම පිට හෝ අධිකරණයේ නියෝග මත හෝ අන්තර්ජාතික සම්මුතිවලට අනුව හෝ 1979 ත්‍රස්තවාදය වැළක්විමේ පනතේ විධි විධාන යට‍ෙත් හෝ ගිණුම පිළිබද තොරතුරු හෙළි කිරිමට සිදු විය හැකිය.


ගිණුමේ ඇති ශේෂය සදහා බැංකුව පොළි ‍ෙගවිය යුතු ද එසේ නැත හොත් ඒ සදහා බැංකු ගාස්තුවක් අය කළ යුතුද යන්න පිළිබදව තීරණයක් ගැනිමට බැංකුවට පුළුවන.


විදේශය ධනය රටතුළ ඇද ගැනිමත් අර්ථික ක්‍රමය තවදුරටත් ලිහිල් කිරිමත් මේ ගිණු‍ම ආරම්භ කිරිමේ පරමාර්ථය වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017