ඉල්ලුම් තැන්පතු හෙවත් ජංගම ගිණුම්, ඉතිරි කිරීමේ ගිණුම්, ස්ථාවර තැන්පතු ගිණුම් යනුෙවන් ප්‍රධාන වශයෙන් තුන් වර්ගයකට තැන්පතු ගිණුම් බෙදිය හැකි
- ජංගම ගිණූම් - මේවා චෙක්පත් මගින් ගණුදෙණු කිරීමට ඉඩ සලසන ගිණුම් විශේෂයකි. චෙක්පත් මගින් ගණුදෙනු කරන ව්‍යාපාරිකයන් මෙන්ම පුද්ගලයන්ද ජංගම ගිණුමේ පවත්වා ගෙන යනු දැකිය හැකිය. ජංගම ගිණුම් සදහා පොලී ගෙවීමක් සාමාන්‍යයෙන් නොකෙරේ. ජංගම ගිණුම් ගවත්වා ගැනීමෙන් වාසි රැසක් සැලසේ. ඒවා අතර, විවිධ මාර්ග වලින් ලැබෙන චෙක් පත්, මුදල් ඇනවුම්, දේශිය හා විදේශිය බැංකු අණකර, ලාබාංශ බලපත්‍ර යනාදී ගිණුමට බැරකරවා ගැනීම, බාහිර පාර්ශව වලට ෙගවීම් චෙක්පත් මගින් කළ හැකිවිම, රක්ෂණ වාරික, ණය වාරික ආදි වරින් වර ගෙවන සේ නිත්‍ය නියෝග (sanding order) දිමේ හැකියාව, බැංකු අයිරා ( bank overdraft) පහසුකම් ලබා ගැනිම ප්‍රධාන වේ. සැම ජංගම හිමියකුටම ඒක් එක් මාසය අවසානයෙදි මාසය තුළ සිදුවු ගනුදෙනු වල සාරංශය දැක්වෙන ප්‍රකාශයක් සමාන්‍ය යෙන් ලැබේ එය බැංකු ප්‍රකාශය (bank statement) නමින් හැදින්වේ.
- ඉතිරි කිරිමේ ගිණුම් -පොළි අපේක්ෂාවෙන් සුළු මුදලක් වුවද කැමති විටක තැන්පත් කළ හැකි වුවද එමෙන්ම අවශ්‍ය වු විටක තැන්පත් කළහැකි වුවද එමෙන්ම අවශ්‍ය වු විටක ආපසු ලබා ගැනිමට ඉඩ සැළසෙන්නාවු ද ආකාරයට ගනුදෙනුකරුවන් ආරම්භ කරන ගිණුම්, ඉතිරි කිරිමේ හෙවත් ඉතුරුම් ගිණුම් වේ. මුදල් තැන්පත් කිරිමේදිත් මුදල් ආපසු ගැනිමේදිත් ප්‍රයෝජනයට ගැනිම සදහා ගිනුමේ විස්තර ඇතුළත් පොතක්/ කාඩ්පතක් ගිනුම් හිමියා ආරම්භ කරන අවස්ථාවේදි ම ගිණුම් හිමියා (account holder) වෙත ලැබේ. එසේ වුවද දැනට අප රටේ වාණිජ බැංකු විසින් හදුන්වාදි ඇති ඉතිරි කිරිම් ගිණුම්වල ඉහත සදහන් කළ ඒවාට වෙනත් ලක්ෂණද ඇති බව පෙනේ. මහජන බැංකුව හදුන්වාදුන් එවැනි ඉතිරි කිරිමේ ගිණුම් දෙවර්ගයක් පහත දැක්වේ.
- ධන ආයෝජන ඉතිරි කිරිම් ගිණුම් - ගිවිස ගත් යම් නිෂ්චිත මුදල් ප්‍රමාණයක් මාසිකව හෝ ත්‍රෛමාසිකව හෝ අවුරුදු පහක කාලයක් අඛණ්ඩව තැන්පත් කිරිමේ එකගත්වය මත මේකි ගිණුමක් ආරම්භ කළ හැකිය. ගිණුම් එලෙස අරඹා, ගිවිස ගත් පරිදි මුල් මාස 18 ගෙවිමෙන් පසු, තැන්පතු ශේෂයෙන් 75% උපරිමයට යටත්ව ඒ ගිණුම් ඇපයට තබා ණය මුදලක් ලබා ගත හැකි විම මේ ක්‍රමයේ විශේෂ ලක්ෂණයකි. මෙහිදි ණය මුදල සදහා පොළියක් ගෙවිමට සිදු වේ.
- විස්තිර්ණ තැන්පතු - බාල වයස් කරුවන්ගේ, අනාගත සුරක්ෂිතතාව තහවුරු කිරිම ඇරමුණු කරගෙන ගිවිසගත් යම් නිශ්චිත ප්‍රමාණයක් එකවරහෝ මාස් පතා අඛණ්ඩව මාස 60 ක් හෝ තැන්පත් කිරිමේ පොරොන්දුව මත ඇරඹිය හැකි ගිණුම් වර්ගයකි මෙය. මුදල එකවර ගෙවන්නේ නම් එය ඒ අවස්ථාවේදිම ස්ථාවර තැන්පතු ගිණුමකට බැර කරන අතර මාස්පතා ගෙවන්නේ නම් ඒකි ගිණුම් ස්ථාවර තැන්පතු ගිණුමට බැර කරනුයේ මාස 60 අවසානයේදිය. තැන්පතු මුදල ආපසු ලබාගත හැක්කේ ගිණුම් හිමියාගේ වයස අවුරුදු 21 සම්පුර්ණ වු විටය.
ඉහත සදහන් ඉතිරි කිරිම් ගිණුම්වලට අමතරව ඇතැම් වාණිජ බැංකු
- ඉතිරි කිරිමේ සහතින පත්‍ර (savings certificate) නිකුත් කරනු දැකිය හැකිය. ඒවා බොහෝ විට මාස 06,12,24 ආදි කාල සීමා සදහා නිකුත් කෙරේ. ඒවායේ මුලික ලක්ෂණය නම් සහතික පත්‍රයේ මුහුණත අගය, කල්පිරෙන දිනය යන කරුණු සදහන් කර තිබිමයි. සමහර ඉතිරිකිරිමේ සහතික පත්, මුහුණත වටිනාකමට අඩු වටිනාකමකට නිකුත් කරන පොළිය සැලකිල්ලට ගෙනය. නිදසුනක් ලෙස රු 1000 ක මුහුණත වටිනාකමක් ඇත, මාස 06 කින් කල් පිරෙන සහතික පතක් රුපියල් 926 කට ගත හැකිය. ඇතැම් සහතික පත් මුහුණත වටිනාකමකට නිකුත් කෙරෙන අතර කල් පිරෙන දිනයේ දි මුහුණත වටිනාකම සහ අදාල පොළිය ලැබේ.
මේ ඉතිරි කිරිම් සහතික වාණිජ බැංකු පමණක් නොව ජාතික ඉතිරි කිරිමේ බැංකුව, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව, මහ භාණ්ඩාගාරය වෙනුවෙන් ශ්‍රි ලංකා මහ බැංකුව යනාදි ආයතන ද නිකුත් කරනු දැකිය හැකිය.
- ස්ථාවර තැන්පතු ගිණුම - යම් මුදල් ප්‍රමාණයක් ගිවිසගත් කාලයක් සදහා නිෂ්චිත පොළි අනුපාතික යටතේ තැන්පත් කරන ගිණුම්, ස්ථාවර තැන්පතු ගිණුම් වශයෙන් හැදින්විය හැකිය. ගිවිසගත් කාලසීමාව මෙන්ම තැන්පත් කරන මුදල් මුදල් ප්‍රමාණයද මත පොළි අනුපාතිකය ෙවනස් වනු බොහෝවිට දැකිය හැකිය. මුදල්, එවැනි ගිණුමක වරින් වර තැන්පත් කළ නොහැකය. ඒ අනුව ගිණුමෙහි තැන්පතු මුදල කල්පිරෙන දිනය (date of maturity) ෙතක් නොවෙනස්ව පවති. ගිවිසගත් පරිදි පොළිය මාස්පතා හෝ කල්පිරෙන දිනයේදි හෝ ලබා ගත හැකිය. කල් පිරෙන දිනයට පෙර තැන්පතුවේ මුදල ආපසුගැනිම කළ හැක්කේ ගිවිසගත් ආකාරයට අනුවය.
- විශේෂ තැන්පතු සහතිකය - මේවා ඇතැම් වාණිජ බැංකු මෙන්ම සමහර මුල්‍ය ආයතනද නිකුත් කරනු දැකිය හැකිය. ඒවා සාමාන්‍යයෙන් නිකුත් කෙරෙන්නේ මුහුණත වටිනාකමට වඩා අඩු වටිනාකමකටය. මෙය සහතිකය මාස 3,6,12, 24 යනාදි වශයෙන් විවිධ කාලච්ඡේද සදහා නිකුත් කෙරෙන අතර ඒවාට හිමි පොළි අනුපාතිකය තැන්පතු කාලසීමාවේ වැඩිවිමත් සමග වැඩිවනු දැකිය හැකිය. නිදසුනක් වශයෙන් වාර්ෂික පොළි අනුපාතිකය 20% ක් විට රු. 100 000 මුහුණත වටිනාකමක් ඇති එක් වර්ෂයක විශේෂ තැන්පතු සහතිකයක් (special deposit certificate) නිකුත් කෙරෙන්නේ රු 83400 ක් තරම් මුදලකටය.
