ගනුදෙනු කරුවන්ගේ තැන්පතු භාර ගෙන ඔවුන්ගේ අභිමතය පරිදි ජංගම ගිණුම් ඇතුළු වෙනත් ගිණුම් වල තැන්පත් කිරිමත් මුදල් මැනිමත් ගනුදෙනු කරුවන්ගේ ඉල්ලිම පරිදි මුදල් ආපසු ගෙවිමත් මුලික වශයෙන් කරන ආයතන වාණිජ බැංකු (commercial bank) ලෙස හැදින් විය හැකිය.
ශ්‍රි ලංකාවේ පවත්නා වාණිජ බැංකු ප්‍රධාන වශයෙන් දේශිය, විදේශිය යනුවෙන් දෙයාකාර වේ. දේශිය වාණිජ බැංකු, රාජ්‍ය අංශය සතු බැංකුද පෞද්ගලික අංශ සතු බැංකුද වශයෙන් දෙවර්ගයකට බෙදිය හැකිය. ලංකා බැංකුව, මහජන බැංකුව රාජ්‍ය අංශයේ බැංකු වේ. ලංකා වාණිජ බැංකුව, හැටන්නැෂනල් බැංකුව, සම්පත් බැංකුව, සෙලාන් බැංකුව පෞද්ගලික අංශයේ බැංකුවලට නිදසුන් වේත. මේ හැර විදේශ රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයද සතු බැංකු රාශියක් මෙරට පිහිටා තිබෙනු දැකිය හැකිය. ඉන්ඩියන් ඔවර්සීස් බැංකුව, ස්ටේට් බැන්ක් ඔෆ් ඉන‍්ඩියා යන මේවා විදේශ රාජ්‍ය බැංකුවලට නිදසුන් වන අතර ශ්‍රින්ඩ්ලේස් බැංකුවත් ස්ටැන්ඩඩ්, චටඩ් බැංකුවත් විදේශිය පෞද්ගලික අංශයේ බැංකුවලට නිදසුන් වේ.
1988 අංක 30 දරණ බැංකු පනත අනුව ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක වන සෑම වාණිජ බැංකුවක්ම බලපත්‍රයක් ලබා ගත යුතුය. මේ සදහා අනුගමනය කළ යුතු මුල් පියවර වශයෙන් 1982, අංක 17 දරණ සමාගම් පනතේ විධිවිදානවලට අනුව පොදු සමාගමක් ලෙස සංස්ථාපනය කළ යුතුය. එයට පසු බැංකු පනතේ අවශ්‍යතා සම්පුර්ණ කර බලපත්‍රයක් ලබා ගැනිම සදහා ශ්‍රි ලංකා මහ බැංකු මුදල් මණ්ඩලය වෙත අයදුම්පතක් අදාල ලියවිලි සමග ඉදිරිපත් කළ යුතුය.
ඒ අනුව සියලුම අවශතා සම්පුර්ණ කර ඇති බවට මුදල් මණ්ඩලය සැහිමකට පත් විමෙන් පසු අදාල බලපත්‍ර නිකුත් කෙරේ. එසේ බලපත්‍රයක් ලබාගත් සමාගම හැදින්වෙන්නේ බලපත්‍රලාභි වාණිජ බැංකුවක් ලෙසය. බලපත්‍රය ලබාගත් සෑම වාණිජ බැංකුවක් මුදල් මණ්‍ඩලය මගින් නියමකරන වාර්ෂික බලපත්‍ර ගාස්තුවක් ගෙවිය යුතුය.
