බැංකු නොවන මුල්‍ය ආයතන අධික්ෂණය කිරිම
 

මහ ජන තැන්පතු භාර ගන්නා මුල්‍ය සමාගම් වල සිඝ්‍ර වර්ධනයක් 1960, 1970 දශක තුළ සිදුවිමේ හේතුවෙන් රටේ ආර්ථිකය කෙරෙහි අහිතකර බලපැම් ඇති විය හැකි බව ශ්‍රි ලංකා මහ බැංකුවට‍ පෙනිනි. එහෙයින් රටේ පොදු මුල්‍ය ප්‍රතිපත්තිය පවත්වා‍ ගැනිමෙන් තරගක‍ාරි මුල්‍ය ආයතන විධිමත් කිරිමෙහිලා සාධාරණ ප්‍රතිපත්තියක් අනුගමනය කිරිමෙන් මහ ජන තැන්පතුවල ආරක්ෂාව පතා තැන්පතු භාර ගන්නා මුල්‍ය සමාගම් වල ද්‍රවශිලතාව (liquidity) හා නුබුන්වත්කම (solvency) තහවුරු කිරිමේ අවශ්‍යතාව ශ්‍රි ලංකා මහ බැංකුව රජයට පෙන්වා දුන්නේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් මුල්‍ය සමාගම් පාලනය කිරිම සදහා පනත් කිහිපයක්ද ඒවාට සංශෝධනද වරින් වර සම්මත කරන ලදි. ඒවා අනුව මුල්‍ය සමාගම් පාලනය කිරිමෙත් අධික්ෂණය කිරිමේ බලතල මහ බැංකුව වෙත පවරා ඇත. මෙහිලා මහ බැංකුව අනුගමනය කරන පාලන ක්‍රම කිහිපයක් පහත දැක්වේ.



  1. සැම මුල්‍ය සමාගමකම ශ්‍රි ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අවශ්‍යතා සපුරාලමින් ලියාපදිංචි බලපත්‍රයක් ලබා ගත යුතුය.

  2. මුල්‍ය සමාගම්වල පොත් හා ගිණුම් පරික්ෂා කිරිම
  3. මුල්‍ය සමාගම් ඒවායේ ව්‍යාපාර කටයුතු පවත්වා‍ෙගන යන ආකාරයත් මෙහෙයවිම පිළිබද නියෝග හා කොන්දේසි පැනවිම
  4. තැන්පතු භාර ගැනිම, කූලි පිට මුල්‍යනයද ඇතුළුව ණය සැපයිම, ආයෝජනය, තැන්පතු වගකිම් වලට සාපේක්ෂව තිබිය යුතු ප්‍රාග්ධන හා ද්‍රවශිල වත්කම් ප්‍රමාණ නියම කිරිම, පොළි අනුපාතිකය යන මේවා පිළිබදව උපදෙස් දිම
  5. මුල්‍ය සමාගම් වල ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් සීමා පැනවිම
  6. මුල්‍ය සමාගම් වල කටයුතු සීමා කිරිම, අත්හිටු විම, පවරා ගැනිම, අධ්‍යක්ෂවරුනට හෝ ලේකම්ට‍ හෝ කළමණාකරුවනට හෝ විරුද්ධව නඩු පැවැරිම

(c) Shilpa Sayura Foundation 2006-2017