ශ්‍රි ලංකාවේ මුල්‍ය හා බැංකු ක්‍රමය පරිපාලන කිරිමේ වගකීම ඇත්තේ මහ බැංකුවටය. මෙය ඉටු කිරිම සදහා මහ බැංකුව කිහිප අකාරයකින් ක්‍රියා කරයි. බැංකු කටයුතු විධිමත් කිරිම අවසන් පිළිසරණ ලෙස ණය දෙන්නා වශයෙන් ක්‍රියා කිරිම, කිෂ්කාශන පහසුකම් සැපයිම ඒවා අතර ප්‍රධාන වේ.
බැංකු කටයුතු විධිමත් කිරිම - එය තුන් ආකාරයකින් ක්‍රියාත්මක කෙරේ. ඒවා නම් වාණිජ බැංකුවල සංචිත අවශ්‍යතා විධිමත්ව පවත්වා ගැනිමත් විධිමත් ව පවත්වා ගැනිමත් ප්‍රමාණාත්මක හා ගුණාත්මක ක්‍රම යොදා ගනිමින් ණය පාලනය කිරිමත් විදේශ විනිමය කටයුතු ක්‍රමවත්ව පවත්වා ගැනිමත් වේ.
මේවායින් මුලින් කී කාර්ය දෙක දැනටමත් සාකච්ඡා කර ඇත. විදේශ විනිමය කටයුතු ක්‍රමවත්ව පවත්වා ගැනිමත් යනුවෙන් හැදින්වෙන්නේ වාණිජ බැංකු විදේශ විනිමය මිලට ගැනිමත් විකිණිමත් සම්බන්ධයෙන් අවම හා උපරිම මිල නියම කිරිම සදහා මහ බැංකුව මුලික ව කටයුතු කරන බවයි.
අවසන් ණය දෙන්නා වශයෙන් ක්‍රියා කිරිම - වාණිජ බැංකුවල ඇතැම්විට මුහුණ පෑමට සිදුවන ද්‍රවශිලතා ඌණතාවලදි මහ බැංකුව කෙටි කාලින මුල්‍ය පහසුකම් සැළසිම මෙයින් අදහස් වේ.
නිෂ්කාශනාගාර සේවය සැළසිම - වාණිජ බැංකු රැස් කරන චෙක්පත් අදාළ ණය ලත් බැංකු වෙත ඉදිරිපත් කර, බැංකු අතර ගනුදෙනු පියවිම මහ බැංකුව යටතේ පවත්නා නිෂ්කාශනාගාර (Clearing house) මගින් කෙරේ.
යම් බැංකුවක ගනුදෙනුකරුවකු වෙනත් බැංකුවක ගනුදෙනු කරුවකුට චෙක්පත් නිකුත් කළ විට එයට ආය ලබා ගැනිම සදහා නිෂ්කාශනාගාර වෙත එම චෙක්පත් ඉදිරිපත් කිරිමට අය ලබා ගන්නා බැංකුවට සිදු වේ. නිෂ්කාශනාගාර යනුවෙන් අදහස් කරන්නේ විවිධ බැංකුවලින් මුදල් ලබා ගැනිම සදහා බැංකුවෙත ලැබෙන චෙක්පත්, බැංකු අණකර, ගෙවුම් ඇණවුම් (pay orders), ලාභාංශ බලපත්‍ර ආදිය තුළනය කිරිම සදහා ඒවා ඉදිරිපත් කරන ස්ථානයයි. එය ශ්‍රි ලංකා මහ බැංකුව මගින් පාලනය කෙරේ. දැන් භාවිතා වන ක්‍රමයේදි නිෂ්කාශනය කාර්යක්ෂම ලෙස කිරිම සදහා පරිගණක යන්ත්‍ර ප්‍රයෝජනයට ගනු ලැබේ. මෙලෙස 1983 වර්ෂයේ සිට පරිගණක යන්ත්‍ර භාවිතයෙන් නිෂ්කාශන කටයුතු කරන ස්ථානය දැන් හැදින් වෙන්නේ ශ්‍රි ලංකා යන්ත්‍රිකෘත චෙක්පත් නිෂ්කාශනාගාර යනුවෙනි. මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරිම සදහා කලින් තිබු චෙක් පත් වෙනුවට අන්තර්ජාතික ප්‍රමිති වලට අනුකූලව චුම්භක තින්ත අක්ෂර හැදුනුම් තීරයක් සහිත ප්‍රමාණ දෙකකින් චෙක්පත් නිකුත් කෙරේ. මේ නව ක්‍රමයෙන් සැළසෙන වාසි අතර නිෂ්කාශනය කඩිනම් කළ හැකි විම, චෙක්පත් සංඛ්‍යාව කොතරම් වැඩි වුවද සාපේක්ෂ වශයෙන් කෙටි කාලයකින් හා අඩු ශ්‍රමයකින් නිෂ්කාශනය කළ හැකි විම. චෙක්පත් තේරිමේදි සිදුවිය හැකි වැරදි වලක්වා ගත හැකි විම, ප්‍රයෝජනවත් තොරතුරු සෑම බැංකුවකටම සැපයිය හැකිවිම, චෙක්පත් ගනුදෙනු සම්බන්ධයෙන් විගණන කටයුතු සදහා ඉවහල් වන තොරතුරු සැපයිම ප්‍රධාන වේ.
ඉහත සදහන් කළ ස්ව්යංක්‍රිය නිෂ්කාශන ක්‍රමට හැරුණු විට යම් යම් ප්‍රදේශ තුළ පිහිටුවා ඇති වාණිජ බැංකු කිහිපයක් අතර ගනුදෙනු වන චෙක්පත්, ගෙවුම් ඇණවුම් ආදි ලියවිලි ඒ ඒ ප්‍රාදේශිය බැංකු කළමණාකරුවන් අතර ඇති කරගත් එකගත්වයක් ඇතිව දෛනික නිෂ්කාශනය කර ගනු දැකිය හැකිය. මෙය ප්‍රාදේශිය නිෂ්කාශනය කර ගනු දැකිය හැකිය. මෙය ප්‍රදේශිය නිෂ්කාශනය යනුවෙන් හැදින්වේ.
