බුද්ධකාලීන ඉන්දියාවේ සිට මෙරටට පැමිණියායැයි විශ්වාස කරන තපස්සු - භල්ලුක වෙළඳ සොහොයුරන් පිළීබඳව කථා අප අතර තවමත් ජනප්‍රියය. මෙම කථා පුවත , ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ඈත අතීතයේ පටන් වෙළඳ සම්බන්ඳතා පැවති බවට සාක්ෂියක් ලෙස සැලකේ.
මෙරටට සිදු වූ ආර්ය සංක්‍රමනය සමඟ දෙරට අතර වෙළඳ සම්බන්දතා වඩාත් වර්ධනය වූ බව පෙනේ. ඉන්දියාවේ සිට කසී සළු හා අශ්වයින් මෙරටට ගෙන ආ බවත් , මෙරට සිට මුතූ , මැණික් , අලි , ඇතූන් ඉන්දියාවට ගෙන ගිය බවටත් තොරතූරු වාර්තා වී ඇත. ශ්‍රී ලංකාවේ මහාතිත්ථ වරායත් , ඉන්දියා වේ කාවේරි පටුනත් දෙරට අතර පැවති වෙළඳ මධ්‍යස්ථාන දෙකක් ලෙස පිලි ගැනේ. උඩරට රාජධානියේ අවසාන පාලක පරපුර වූ නායක්කාර් වංශික රජවරුද දකූණු ඉන්දියාව සමඟ වඩාත් සමීප වෙළද සම්බන්ධතා පවත්වා ගැනීමට උත්සුක වූහ.
පොළොන්නරුවෙන් හමුවූ චෝල රන් කාසි
බටහිර ජාතීන්ගේ පාලන කාළවලදී ද ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර වෙළඳ සම්බන්ඳතා ක්‍රියාත්මක විය.
බ්‍රිතාන්‍ය පාලන සමයේදී තේ හා කෝපි වතුවල වැඩ කිරීමට දකුණු ඉන්දියාවෙන් කම්කරුවන් ගෙන ඒම සිදුවිය.
වර්ථමානයේ දී ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර වෙළඳ සම්බනිදතා සාක් වැනි කලාපීය සංවිධාන ඇසුරින් පෙරටත් වඩා වර්ධනය වී ඇත.
කළාපයේ නිදහස් වෙළදාම දිරිගන්වන SAFTA ගිවිසුමද ආර්ථික සම්බන්ධතා වර්ධනයට බලපා ඇත.
දැනට ශ්‍රී ලංකාවේ ප්‍රධානම සැපයුම්කරුවා ඉන්දියාවයි.