දේශිය මුදලේ අගය ආරක්ෂා කිරිම සදහාත් විධිමත් ආර්ථික වර්ධනයක් ඇති කරලීම සදහාත් මුල්‍ය ස්ථායිතාවය (stability), ගොඩ නැගිම පෙර දැරි කරගෙන ජාතික මුල්‍ය ප්‍රතිපත්තියක් සකස් කර ක්‍රියාවට නැංවිම මහ බැංකුවේ ප්‍රධානතම කාර්ය වේ. මේ සදහා මහ බැංකුව පහත සදහන් ක්‍රියා මාර්ග අනුගමනය කරයි.
බැංකු පොළි අනුපාතිකය (Bank rate) වෙනස් කිරිම - මෙයින් අදහස් කෙරෙන්නේ “අවසන් පිළිසරන ලෙස ණය දෙන්නා” (Leander of Last Resort ) වශයෙන් මහ බැංකුව, වාණිජ බැංකුව සපයන ණය වෙනුවෙන් අය කරන පොළි අනුපාතිකය වැඩි හෝ අඩු කිරිමයි. මුදල් සැපයුමේ අඩු කිරිම උචිත සේ හැගෙන අවස්ථාවකදී මහ බැංකුව එහි පොළි අනුපාතිකය වැඩි කරයි. එවිට වාණිජ බැංකුද ගනුදෙනුකරුවනට සපයන ණය සදහා වැඩි පොළි අනුපාතිකයක් අය කරයි. ඒ හේතුවෙන් ණය ගැනිම අඩු වන අතර රටේ මුදල් සැපයුමද අඩු වේ. මුදල් සැපයුම වැඩි කළ යුතු අවස්ථාවකදි මහ බැංකුව එහි පොළි අනුපාතිකය අඩු කිරිම හේතුවෙන් වාණිජ බැංකුද ගනුදෙනුකරුවනට අය කරන පොළි අනුපාතිකය අඩු කරයි. එවිට ණය සැපයුම වැඩි වන හෙයින් රටේ මුදල් සැපයුමද වැඩි වේ.
විවධ වෙළෙද කටයුතුවල නිරත විම - භාණ්ඩාගාර බිල්ද රජය සහතික කළ සුරුකුම්පත් (Securities) ද වික්ණිමත් මිලට ගැනිමත් විවට වෙළෙද කටයුතුවල (Open Market Operations) නිරතවිම යන්නෙන් අදහස් කෙරේ. රටේ මුදල් සැපයුම අඩු කළ යුතු අවස්ථාවලදි මහා බැංකු සුරුකුම්පත් ප්‍රසිද්ධියේ අලෙවි කරයි. මහජනයා මෙන්ම සේවක අර්ථ සාධක අරමුදල (Employees Provident Fund) සේවා නියුක්තයන්ගේ භාර අරමුදල (Employees Trust Fund) ආදා ආයතනද මේවා මිලට ගැනිම හේතුවෙන් මහ බැංකුවෙන්ද මුදල් ඇදි යන නිසා රටේ මුදල් සැපයුම අඩු වේ. අනිත් අතට මුදල් සැපයුම වැඩි කළ යුතු අවස්ථාවලදි මහා බැංකුව වෙළෙද පොළේ ඇති සුරුකුම් පත් මිලට ගැනිමට මුදල් සැපයුම වැඩි කරයි.
බැංකු සංචිත වෙනස් කිරිම - විචල්‍ය සංචිත අනුපාතය (variable reserve ratio) වෙනස් කිරිම) - සෑම වාණිජ බැංකුවක්ම එය සතු මුල්‍ය සංචිත වලින්යම් නිෂ්චිත ප්‍රතිශතයක් මුදලින් මහ බැංකුවේ තැන්පත් කළ යුතුවේ. රටේ මුදල් සැපයුම අඩුකළ යුතු යැයි හැෙගන විට මහ බැංකුව, එලෙස තැන්පත් කළ යුතු අනුපාතිකය වැඩි කරයි. මුදල් සැපයුම වැඩිකළ යුතු වන විට ඒකි අනුපාතිකය අඩු කරයි.
ඉහත සදහන් කළ ප්‍රමාණාත්මක ක්‍රම (quantitative methods) හැරුණු විට රටේ මුල්‍ය පාලනය සදහා පහත සදහන් ගුණාත්මක පාලන ක්‍රම යනුවෙන් අදහස් කරන්නේ ආර්ථිකයේ ණය මුදල් ගලා යන අංශ පාලනය කිරිමයි. මෙහි අරමුණ වන්නේ ප්‍රමුඛත්වය දිය යුතු යැයි හැෙගන ආර්ථික කටයුතු දිරිමත් කිරිමත් වැදගත් කමින් අංශ අධෛර්යවත් කිරිමත්ය. ඒ සදහා පහත සදහන් ක්‍රම උපයෝගි කර ගැනේ.වාණිජ බැංකු සපයන ණය ආපසු ගෙවිම සදහා ගනුදෙනු කරුවන්ට දිය හැකි උපරිම කාල සීමා නියම කිරිම.
වාණිජ බැංකු සපයන ණය සදහා තැබිය යුතු ඇපවල ස්භාවය, වටිනාකම ආදිය පිළිබදව කොන්දේසි පැනවිම
වාණිජ බැංකු සපයන ණය වර්ග හා ඒවායේ උපරිම ප්‍රමාණ නියම කිරිම
වරණ (preferential) පොළි අනුපාතිකය නියම කිරිම - මෙයින් අදහස් කෙරෙන්නේ වාණිජ බැංකු විසින් සැපයෙන විවිධ ණය වර්ග සදහා විවිධ ආකාරයේ පොළි අනුපාතික නියම කිරිමයි.
ශිෂ්‍ට ප්‍රයෝග - මෙයින් අදහස් කරන්නේ වාණිජ බැංකු ගනුදෙනු කරුවනට ණය සැපයිමේදි රටේ මුල්‍ය තත්ත්වයක් ආර්ථික තත්ත්වයත් සැළකිල්ලට ගනිමින් සුපරික්ෂාකාරි විය යුතු බවට මහ බැංකුව වාණිජ බැංකු වලට දෙන උපදෙස් ය.
ණයවර ලිපි (letters of credit) සම්බන්ධයෙන් නිෂ්චිත මුදල් ආන්තික (marginal) අවශ්‍යතා නියම කිරිම මෙයින් අදහස් කරන්නේ බැංකුවකින් ණය වර ලිපි ලබා ගැනිමේදි ඒ ණයවර ලිපියේ මුළු වටිනාකම හෝ යම් යම් ප්‍රතිශතයක් හෝ ගනුදෙනු කරු විසින් ඔහුගේ ජංගම ගිණුමේ තැන්පත් කළ යුතු බවයි.
