ශ්‍රි ලංකා මහ බැංකුව
 

බොහෝ රටවල බැංකු හා මුල්‍ය ආයතනවල මුලික හා කේන්ද්‍රිය සංවිධානය වශයෙන් ක්‍රියා කරන්නේ මධ්‍යම බැංකුවයි. අප රටේ එම කාර්ය පැවැරි ඇත්තේ ශ්‍රි ලංකා මහ බැංකුවටය.


1949 අංක 58 දරණ මුදල් නීති පනත යට‍ෙත් ශ්‍රි ලංකා මහ බැංකුව පිහිටුවන ලද අතර එහි වැඩ කටයුතු අරඹන ලද්දේ 1950 අගෝස්තු මස 28 වන දින දීය. මේ බැංකුවට අදාල කෙටුම්පත් කරන ලද්දේ ඇමරිකා එක්සත් ජනපදයේ පෙඩ්රල් සංචිත බැංකුවේ ආර්ථික විද්‍යාඥයකු වු ජෝන් එක්ස්‍ටර් මහතා විසිනි.


ශ්‍රි ලංකා මහ බැංකුවේ බලතල, යුතුකම් හා කාර්ය පැවැරි ඇත්තේ එහි කළමණා කාරිත්වය, ක්‍රියා කාරිත්වය, හා පරිපාලනය පිළිබද වගකීම දරන මුදල් මණ්ඩලය වෙතය. මේ මුදල් මණ්ඩලය, මහ බැංකු අධිපති, මුදල් අංශයේ ලේකම්, ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපතිතුමා පත්කරන නියෝජිතයකු යන මොවුන්ගෙන් සමන්විත වේ. මහ බැංකු අධිපති එහි සභාපති වේ. මුදල් මණ්ඩලයෙන් අපේක්ෂිත කාර්යය ඉටුකිරිම සදහා මහ බැංකුව දෙප‍ාර්තමේන්තු රාශියකට බෙදි පවති. විනිමය පාලන දෙප‍ාර්තමේන්තුව, සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව, සේවක අර්ථ සාධක අරමුදල් දෙපාර්තමේන්තුව, රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව, ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව එවායින් සමහරකි.

(c) Shilpa Sayura Foundation 2006-2017