වාණිජ පත්‍රකා
 

උසස් කීර්තිනාමයක් ඇති වෙළද ආයතන ඉහළ වට්ටමක් සදහ කෙටිකාලයකට ඇප රහිතව නිකුත් කිරිමට පොරොන්දු නෝට්ටුවක් ලෙස වාණිජ පත්‍රයක් හැදින් විය හැකිය. බැංකු ව්‍යාපාර වස්තු හුවමාරුව ආදි ආයතන හා සම්බන්ධ ‍නොවි මුදල් අතිරික්තයක් ඇති ආයතන වලට කෙටි කාලින වශ‍යෙන් අරමුදල් සපයා ගැනිමටත් මුදල් අතිරික්තයක් ඇති ආයතන වලට හෝ පුද්ගලයන්ට ‍හෝ වාණිජ පත්‍රවල ආයෝජනය කිරිමත් මෙයින් අවස්ථාව සැලසේ. විශ්‍රම වැටුප් අරමුදල් ඒකකභාර, රක්ෂණ සමාගම් යනාදි ආයතන වාණිජ පත්‍රකා මිලට ගනි. නිකුත් කරන ආයතනය ඒවායේ සාර්ථකත්වය තහවුරු කර ගැනිමේ අදහසින් ගනු දෙනු කරන බැංකුවේ නමද බැංකුවේ අනුමැතියට යටත්ව සදහන් කරනු දැකිය හැකිය.


ලාභාංශ බලපත්‍රය - යම් කාල සීමාවක් සදහා සීමා සහිත සමාගමක කෙ‍ාටස් හිමියකු ලැබිය යුතු ලාභාංශ ප්‍රමාණය ගෙවිම සදහා ඒකි සමාගමේ බලධාරි විසින් අත්සන් කර කොටස් හිමියා වෙත නිකුත් කරන බලපත්‍රය ලාභාංශ බලපත්‍ර ලාභාංශ බලපත්‍රය (dividend warrant) නමින් හැදින් වේ. මෙයද පිටසන් කර පැවැරිය හැකි නිසා ගනු දෙනු කළ හැකි ලියවිල්ලක් වේ.


භාණ්ඩාගාර බිල්පත් - රජයේ කෙටි කාලින මුල්‍ය අවශ්‍යතා පියවා ගැනිමේ අරමුණ ඇතිව මහ භාණ්ඩාගාර වෙනුවෙන් ශ්‍රි ලංක‍ා මහ බැංකුව විසින් නිකුත් කරන ලියවිලි වේ. මේවා පිටසන්කර පැවැරිය හැකිය.


ණයකර - කලින් සදහන් කළ කොටස් සහතික මෙන්ම ණයකරද පිටසන් කර පැවැරිය හැකිය.


කොටස් බලපත්‍රය - ව්‍යප‍ාර සංවිදානය යන පරිච්ඡේදයේ සීමා සහිත පොදු සමාගම් යටතේ විස්තර කෙරුණු පරිදි කොටස් හිමියකු, කොටස් වල වටිනාකම සම්පුර්ණයෙන් ‍ෙගවුනු පසු සමාගමක් විසින් නිකුත් කරනු ලැබිය හැකි කොටස් බලපත්‍රද ගනුදෙනු කළ හැකි ලියවිලි ගණයට ඇතුළත් කළ හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017