පොරොන්දු නෝට්ටු
 

පොරොන්දු නෝට්ටුවක් යනු (promissory note) නිශ්චිත පුද්ගලයකුට ඔහුගේ විදානයට (order) හෝ ධාරකයාට‍ හෝ ඉල්ලුවිට නැතහොත් නියමිත හෝ නියමකර ගත හැකි හෝ අනාගත දිනයකදි නිෂ්චිත මුදල් ප්‍රමාණයක් ගෙවන බවට සකස්කර ගන්නා සිය අත්සන තබා වෙන පුද්ගලයකු වෙත නිකුත් කරන කොන්දේසි රහිත ලිඛිත ප්‍රතිඥාවකි.


විනිමය බිලකත් පොරොන්දු නෝට්ටුවකත් අතර පවත්නා අසමානකම් සමහරක් පහත දැක්වේ.


විනිමය බිලක් ප්‍රතිගහණය කිරිමෙන් පසු ගෙවිමට මුලික වශයෙන් බැදෙන්නේ එහි ප්‍රතිගහකයා වුවද පෙ‍රොන්දු නෝට්ටුවක ගෙවිම පිළිබද මුලික වගකීම පැවැරෙන්නේ එය සකස් කරන්නාම වෙතය. විනිමය බිල, ගෙවිම් නියෝගයක් වුවද පොරොන්දු නෝට්ටුව, ගෙවිමේ පෙ‍ාරොන්දුවක් පමණි. ඉල්ලුවිට ගෙවිය යුතු විනිමය බිලක් හැරුණු විට සෙසු විනිමය බිල් සදහා ප්‍රතිගහණය අනිවාර්ය වන අතර පොරොන්දු නෝට්ටුවක් කිසිදු විටක ප්‍රතිගහනය නොකෙරේ.


විනිමය බිලක් කොන්දේසි සහිතව පිළිගත හැකි වුවද ‍පොරොන්දු නෝට්ටුවක් කොන්දේසි සහිතව සකස් කළ හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017