චෙක්පතක් අගරුවිම (dishonored) යනු චෙක්පතේ සදහන් මුදල ගෙවිම, අණලත් බැංකුව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබිමයි. එලෙස ගෙවිම් ප්‍රතික්ෂේප කෙරෙන අවස්ථා කිහිපයක් පහත දැක්වේ.
1. ඉදිරිපත් කරන ලද චෙක්පතේ සදහන් මුදල ගෙවීමට තරම් ප්‍රමාණවත් තරමක් මුදලක් අණකරුගේ ගිණුමේ නොතිබිම.
2. චෙක්පතට මුදල් නොගෙවන ලෙස අණකරු විසින් බැංකුව වෙත උපදෙස් දී තිබිම
3. පහත දෝස
- ඉලක්කමින් හා අකුරින් දැක්වෙන මුදල ප්‍රමාණය වෙනස් විම, දිනය සදහන් නොවිම හෝ මතු දාතම් කර තිබිම, අත්සන් කර නොතිබිම.
- චෙක්පත් විකල (mutilated) හෙවත් විකෘති වි තිබිම
- චෙක්පත් කල් පැන තිබිම(වලංගු කාලය සදහන් නොකල චෙක්පතක් යල් පිනු සේ බැංකුව සලකයි.අණකරුගේ අත්සන බැංකුවේ ඇති ඔහුගේ ආදර්ශ අත්සනට වෙනස් විම
චෙක්පත් වෙනස් කිරිමේ තහවුරු කිරිම සදහා අණකරු සම්පුර්ණ අත්සන ෙයාදා නොතිබිම
4. චෙක්පතට මුදල් නොගෙවන සේ අධිකරණය හෝ බලය ලත් නිලධාරියකු හෝ නියෝගයක් නිකුත් කර තිබිම
5. ගිණුම් හිමියා හෝ අධිකරණයට හෝ බැංකු ගිණුම වසා තිබිම.
මේ හැර චුම්භක තීන්ත අක්ෂර හැදුනුම් (M.I.C.R) තීරුවට හානී වන පරිදි අත්සන යොදා තිබිම, මුද්‍රාව තැබිම යනාදි කරුණු නිසාද චෙක්පත් භාර ගැනිම, රැස්කරන බැංකුව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබිය හැකිය.