චෙක්පතේහි මුහුණත සමන්තර රේඛා දෙකක් ඇතිව හෝ නැතිව හෝ ශාඛාවේ නම ඇතිව හෝ නැතිව හෝ බැංකුවක නම පමණක් සදහන් කිරිම විශේෂ රේඛනයයි.
ඒ ආකාරයේ රේඛනයක් සහිත චෙක්පතක් සදහා ගෙවිම් ලබාගත හැක්කේ එලෙස නම් සදහන් කළ බැංකුවේම පවත්නා ගිණුමක් මගින් පමණි. විශේෂ රේඛනයක් කිරිමේදි චෙක්පතට වැඩිදුරටත් ආරක්ෂාව සැළසීම සදහා සාමාන්‍ය රේඛනයේ සමහර යෙදුම් ද ඉවහල් කර ගත හැකිය. විශේෂ රේඛන ක්‍රම කිහිපයක් ඊලග පිටුවේ දැක්වේ.
i, ii විශේෂ රේඛනය යෙදු චෙක්පත් සදහා මුදල් රැස්කළ හැක්කේ ලංකා බැංකුවේ පවත්නා ගිණුමක් මගින් පමණි.
iii මෙහිදි මුදල් රැස්කර ගත හැක්කේ ලංකා බැංකුවේ ගාල්ල කොටුව ශාඛාවේ පවත්නා ගිණුමක් මගින් පමණි.
iv මෙහි දැක්වෙන මුදල රැස්කර ගත හැක්කේ ලංකා බැංකුවේ යාපන ශාඛාවේ ගිණුමක් ඇති, මේකි ෙචක්පතේහි නම සදහන් පුද්ගලයාගේ ගිණුමේ බැරට පමණි.