චෙක්පත් රේඛනය කිරිම
 

රේඛනය (crossing) යනුවෙන් චෙක්පතක මුහුණත හරහා සමාන්තර රේඛා දෙකක් යෙදිමයි. එලෙස රේඛනය කිරිම නිසා චෙක්පතට වැඩි ආරක්ෂාවක් ලැබේ. එවිට චෙක්පතේ සදහන් මුදල බැංකු කවුන්‍ටරයෙන් ලබා ගත හැක්කේ බැංකු ගිණුමකට බැර කිරිම මගින් පමණි.



  • සාමාන්‍ය රේඛනය (general crossing) විශේෂ රේඛනය (special closing) යනුවෙන් රේඛනය දෙයාකාර වේ.

  • සාමාන්‍ය රේඛනය - චෙක්පත් දෙක අතර බැංකුවක නමක් සදහන් නොවේ නම්, එය සමාන්‍ය රේඛනය වේ.


  1. රේඛනයෙන් අදහස් කරන්නේ චෙක්පතේ සදහන් මුදල බැංකු ගිණුමකට බැර විය යුතු බවයි. එසේ වුවද ඒකි රේඛනය සහිත චෙක්පතක් පිටසන් කිරිමෙන් වෙනත් පුද්ගලයකුට පැවැරිය හැකිය.

  2. මේ රේඛනයෙන් අදහස් කරන්නේ චෙක්පතෙහි සදහන් මුදල ඒ චෙක්පතෙහි සදහන් පුද්ගලයාගේ (ආදායකයාගේ ගිණුමට බැර විය යුතු බවයි. ඒකි චෙක්පතක් වෙනත් පුද්ගලයකුට පැවැරිය නොහැකිය. ඒ ‍ෙර්ඛනය සහිත චෙක්පතක් ලත් පුද්ගලයකුට බැංකුවක ගිණුමක් නැත්නම් නියමිත මුදල ලබා ගැනිම සදහා ඔහු විසින් සාමාන්‍යයෙන් කළ යුත්තේ අණකරු ලවා ඒ රේඛනය අවලංගු කරවා ගැනිමයි.

  3. “ගනුදෙනු ‍කළ නොහැකි” යනුවෙන් රේඛනය කෙරුණු චෙක්පතක් පිටසන් කර, කිසිදු බාධාවකින් තොර අන් පුද්ගලයකුට පැවැරිය හැකිය. එලෙස පැවැරිමේදි චෙක්පත පවරාගත් පුද්ගලයාට පවරන්නා සතුව තිබු හිමිකමට වැඩි හිමිකමක් නොළබෙන බව මේ යෙදුමෙන් අදහස් කෙ‍ෙර. ඒ අනුව ඒකි රේඛනය සහිත චෙක්පත් සොරාගත් පුද්ගලය‍ාට නිත්‍යානුකූල හිමිකමක් නොලබෙන නිසා එය පවරාගත් පුද්ගලයාට ද නිත්‍යානුකූල හිමිකමක් නො ලැබේ. එහෙයින්ඒකි යෙදුම සහිත චෙක්පතක් පවරා ගැනිමේදි එය පවරන්න‍ාට නිත්‍යානුකූල අයිතියක් ඇති බව පැවරුම් ලාභියා තහවුරු කරගත යුතුය.

  4. වැන්නෙන් දැක්වෙන්නේ චෙක්පත් රේඛනය කරන තවත් ක්‍රමයකි. මෙහිදි රේඛා අතර “රුපියල් දහසකට අඩු” “රුපියල් දහසකට නොවැඩි” රුපියල් 5000 නො ඉක්ම විය යුතුය. යනාදි වශයෙන් සදහන් කර තිබිම නිදසුනක් වශයෙන් දැක්විය හැකිය. ගෙවිය යුතු මුදලත් ඇතැම් විට අනෙකුත් තොරතුරුත් අණකරු නිශ්චිත වශයෙන් නොදන්නා විට, ‍ෙගවිය යුතු මුදල, රේඛනය තුළ සදහන් උපරිම සීමාවට යටත්ව ධාරකය‍ාටම ලියාගත හැකිවන සේ අණකරු අත්සන් කර හුදු විස්වාසය මත ඒකි චෙක්පත් නිකුත් කරයි.

චෙක්පතෙහි #3523;දහන් මුදල් ප්‍රමාණය වැඩි කරමින් මුදල් වංචා කිරිම වැළක්විම සදහාද මේ උපරිම ප්‍රමාණය සදහන් කර චෙක්පත් රේඛනය කරනු ඇතැම් අවස්ථාවලදි දැකිය හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017