විධාන වර්ගයේ චෙක්පතක් තෙවන පාර්ශවයකට පැවැරිමේදි ආදායකයා චෙක්පතේ පිටුපස එහි සදහන් ආකාරයටම තම නම ලිවිම පිටසන් කිරිම යනුවෙන් හැදින්වේ. එලෙස පිටසන් කිරිම, හිස් පිටසනක් වේ. හිස් පිටසනක්සහිත චෙක්පතක් ධාරක චෙක්පතක් බවට පත්වේ. එයට අමතරව පිටසන් කිරිම සදහා භාවිතා කරන තවත් ක්‍රම කිහිපයක් දැකිය හැකිය. ඒවා අතර විශේෂ පිටසන, සීමාකාර පිටසන ප්‍රධාන වේ.
විශේෂ පිටසන යනු නම සදහන් ආදායකයාට (පිටසන් ලද්දාට) හෝ ඔහුගේ විධානයට හෝ ගෙවන සේ සදහන් කරමින් අදායකයා විසින් කෙරෙන පිටසනයි.
නිද: අරුණ කපිලවත්තට හෝ ඔහුෙග් විධානයට හෝ ගෙවනු යනුවෙන් ලියා ආදායකයා පිටසන් කිරිම
සිමාකාරි පිටසනක් යනු ආදායකයාට (පිටසන් ලද්දාට ) පමණක් ගෙවනු යනුවෙන් සදහන් කර පිටසන් කිරිමයි.
නිද: අරුණ කපිලවත්තට පමණක් ගෙවනු.
චෙක්පතක් විධිමත් ලෙස පිටසන් නොකළ හොත් “පිටසන අවිධිමත්” යනුවෙන් බැංකුවේ සටහනක් යොදා, අගරු කර ඒ බව දන්වමින් තැන්පත්කරු වෙත චෙක්පත් ආපසු එවයි.