චෙක්පතක මුලික ලක්ෂණ
 


  1. බැංකුවේ නම හා ශාඛාවේ නම
  2. බැංකුවේ අංකය හා ශාඛාවේ අංකය
  3. දිනය
  4. ගනුදෙනුකරුගේ ගිනුම් අංකය
  5. ගෙවනු යනුවෙන් බැංකුව වෙත කෙරෙන විධානය
  6. ආදායකයාගේ නම/ මුදල්/ (ආදායකයා වශයෙන් පුද්ගලයකුගේ / ආයතනයක නම සදහන් කළ හැකිය)
  7. විධානයට/ රැගෙන එන්නාට යන පද
  8. මුදල අකුරින් හා ඉලක්කමින්
  9. අණකරුගේ අත්සන
  10. චුම්භක තීන්ත අක්ෂර හැදුනුම් තීරය (මෙහි චෙක්පතෙහි අංකය, බැංකුවේ අංකය සහ බැංකු ශාඛාවේ අංකයත් ගනුදෙනු කරුගේ ගිනුම් අංකයත් දැක්වේ.
  11. පිළිපත
  12. චෙක්පත් අංකය

චෙක්පතෙ (p) දැක්වෙන්නේ එය පුද්ගල චෙක්පතක් බවයි. ආදර්ශ චෙක්පතෙහ වම් පැත්තේ ඇත්තේ පිළිපත (counterfoil) අණකරු තම ප්‍රයෝජනය සදහා අදාළ ගනුදෙනුවේ විස්තර එහි ලුහු‍ඩින් ලියා ගනි.


ධාරක, විධාන යනුවෙන් චෙක්පත් දෙවර්ගයකි. චෙක්පත් ආදායකයාගේ නම‍ට පසු “හෝ රැගෙන එන්නාට” යන්න සදහන් කර තිබේ නම් එය ධාරක චෙක්පතක් වේ. ඒකි චෙක්පතක් දරන්නෙකුට පිටසන් කිරිමකින් තොරව භාරදිමෙන් පමණක් එය අන්සතු කළ හැකිය. “විධානයට” යනුවෙන් මුද්‍රිත චෙක්පත්ද ආදායකයාගේ නමට පසුව ඇති “හෝ රැ‍ෙගන එන්න‍ාට” යන වචනය කපාහරින ලද චෙක්පත්ද විධාන චෙක්පත් වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017