දේශිය විනිමය බිල් පත්‍රකාව
 

මිලකට ගත් යම් භාණ්ඩයක් සදහා ගෙවිය යුතු වටිනාකම සදහන් කර යම් නිශ්චිත හෝ අනාගත හෝ දිනයකදි මුළුමනින්ම ගෙවා පියවිය යුතු බවට දෙන ලිඛිත නියෝගයකි. දේශිය විනිමය බිල් පත්‍රිකාව (inland bill of exchange) මේ ක්‍රමය මහ බැංකුව විසින් තේ කම්හල් වෙත අමු තේ දළු සපයන කු‍ඩා තේ වතු හිමියන්ට මුල්‍ය පහසුව හා සහන සපයන වස් හදුන්වාදෙන ලදි. දේශිය විනිමය බිල් පත්‍රිකාවේ ආදර්ශයක් දැක්වේ.


මේ ක්‍රමය ක්‍රියාත්මක වන්නේ පහත සදහන් ආකාරයටය. තේ දළු හිමියා අදාල ‍ෙතාරතුරු පත්‍රිකාවේ පිටපත් තුනක් ඇතුළත් කර අණකරු හැටියට අත්සන් කර, තේ කම්හල් හිමියාට භාර දෙයි. එයට පසු, ‍ෙත් කම්හල් හිමිය‍ා ඒ බිල්පත පිළිගත් බවට සහතික කර, ඔහු ගනුදෙනු කරන බැංකුවේ පිටසනද ලබාගෙන තේ දළු හිමියාට ආපසු භාර දෙයි. බිල්පතේ වලංගු කාලය අවසානයෙහි එහි සදහන් සම්පුර්ණ මුදල ලබාගැනිමට හෝ මුදල එයට අවශ්‍ය නම් බැංකුව වෙත එම පත්‍රිකාව ඉදිරිපත් කර වටිටම් කර ගැනිම‍ට හෝ තේදළු හිමියාට පුළුවන.

(c) Shilpa Sayura Foundation 2006-2017