බිලක ආදායකයා හෝ පිටසන් ලද්දා හෝ එය තෙවන පාර්ශයවකට භාර දිමේදි එහි පිටුපස තම නම හෝ අත්සන හෝ යෙදිම පිටසන් කිරිම (endorsement) යනුවෙන් හැදින්වේ. පිටසන් කිරිමෙන් බිලේ වගකිම් සියල්ලම පිටසන්කරුට පැවරේ. පිටසන් වර්ග කිහිපයකි ඒවායින් සමහරක් පහත දැක්වේ.
- හිස් පිටසන් - විනිමය බිලේ ආදායකයා බිලෙහි පිටුපස තම නම හෝ අත්සන යෙදිමයි. විදාන බිලක හිස් පිටසනක් (blank endorsement) යෙදිමෙන් එය ධාරක බිලක් බවට පත් වෙයි.
- විශේෂ පිටසන - ආදායකයාට හෝ ඔහුගේ විධානයට හෝ ගෙවන ලෙස ලියන ලද බිලක් එහි ආදායකයා විසින් යම් පුද්ගලයකුට හෝ ඔහුගේ විධානයට හෝ එහි වටිනාකම ගෙවිය යුතු බව සදහන් කරමින් පිටසන් කිරිම විශේෂ පිටසන (special endorsement) යන්නෙන් අදහස් කෙරේ.
නිද: සුවද කවිසේනට හෝ ඔහුගේ විදානයට හෝ එහි වටිනාකම ගෙවන ලෙස ලියන ලද විධානයට “රුමේෂ් මධුසංකට හෝ ඔහුගේ විධානයට හෝගෙවනු” යනුවෙන් ලියා සුවද කවිසේන අත්සන් කිරිම
- කොන්දේසි සහිත පිටසන - බිලේ වටිනාකම ගෙවිම සදහා යම් කොන්දේසියක් ඉටුකළ යුතු බව සදහන් කරමින් කෙරෙන පිටසනයි.
නිද: නෞභාරයට අදාල ලියවිලි භාර දුන් පසු රුමේෂ් මධුසංකට හෝ ඔහුගේ විධානයට ගෙවනු.
සුවද කවිසේන.
- අර්ධ පිටසන - බිලේ වටිනාකමින් නිශ්චිත මුදල් ප්‍රමාණයක් පමණක් ගෙවන ලෙස සදහන් කරමින් කෙරෙන පිටසන, අර්ධ පිටසන (partial endorsement) නමින් හැදින්වේ.
නිද: රු 5000 ක් වටිනා බිලකින් රු 3000 ක‍් රුමේෂ් මධුසංකට හෝ ඔහුගේ විදානයට ගෙවනු.
සුවද කවිසේන.
- සිමාකාරි පිටසන - බිලේ වටිනාකම යම් නිෂ්චිත පර්ශවයකට පමණක් ගෙවන ලෙස සදහන් කර පිටසන් කිරිම, සීමාකාරි පිටසන (Restrictive endorsement) නමින් හැදින්වේ.
නිද: රුමේෂ් මධුසංකට පමණක් ගෙවනු.
සුවද කවිසේන.