විනිමය බිල ප්‍රතිග්‍රහණය කිරිම
 

අණකරුගේ විදානයට අණලද්දා කැමැත්ත පලකරමින් බිලේ මුහුණත “පිළිගතිමි” යන්න සදහන් කර සිය අත්සන යෙදිම ප්‍රතිගහණය (acceptance) යන්නේන් සාමාන්‍යයෙන් අදහස් කෙරේ. “පිළිගතිමි” යන්න සදහන් නොකර අණ ලද්දාගේ අත්සන පමණක් යෙදිම ප්‍රමාණවත් ලෙස සැළකේ.
කොන්දේසි රහිතව ප්‍රතිගහනය කිරිම, සාමාන්‍ය ප්‍රති ගහනයක් ලෙසද යම් යම් කොන්දේසිවලට යටත්ව පිළිගැනිම අනුසිමත (qualified) හෙවත් කොන්දේසි සහිත (conditional) ප්‍රතිගහණයක් ලෙසද සැළකේ.‍ කොන්දේසි සහිත ප්‍රතිගහනකදි ගෙවිමට එකග වන මුදල හෙවත් ස්ථානය, ගෙවිමට නියමකරගත් කාල යන ආදි කරුණු පිළිබදව කොන්දේසි ඇතුළත් කිරිමට අණ ලද්ද‍ාට පුළුවන.

(c) Shilpa Sayura Foundation 2006-2017