1927 අංක 25 දරන විනිමය බිල් ආඥා පනතේ 27 වන වගන්තිය ඇසුරෙන් විනිමය බිල් (bill of exchange) පහත සදහන්අයුරු නිර්වචනය කළ හැකිය.
ඉල්ලු විට හෝ නිශ්චිත හෝ නිශ්චය කර ගත හැකි අනාගත දිනයකදි හෝ ආමාන්ත්‍රක පුද්ගලයා විසින් නිෂ්චිත පුද්ගලයකුට හෝ ඔහුගේ විධානයට හෝ රැගෙන එන්නාට හෝ නිෂ්චිත මුදල් ප්‍රමාණයක් ගෙවිය යුතු යැයි නියම කරමින් එක් පුද්ගලයකු විසින් සිය අත්සන යොදා වෙන පුද්ගලයකුට ආමන්ත්‍රණය කෙරෙන, කොන්දේසි විරහිත (unconditional) ලිඛිත නියෝගයකි.
විනිමය බිලකට සහභාඟි වන පාර්ශව කරුවෝ අණකරු(drawer), අණ ලද්දා (drawer), ආදායකයා (payee), යනුවෙන් තිදෙනෙකි. විනිමය බිලට අත්සන් කරන ණය හිමියා, අණකරුද එම බිලෙන් අමතනු ලබන ණය ගැතියා, අණ ලද්දාද ගෙවිම් ලබන්නා ආදායකයා ම විය හැකිය. එහෙත් බිල් තෙවන පාර්ශවයක් අතර හුවමාරුවේනම් පහත සදහන් පාර්ශව කරුවන්ද සිටිය හැකිය.
පිටසන්කරු - විනිමය බිලක් ෙතවන පාර්ශවයකට පැවැරිමේදි එය පිටසන් කරන පුද්ගලයා, පිටසන්කරු (endorser) නමින් හැදින්වේ.
පිටසන් ලද්දා - විනිමය බිලක් පිටුපස යම් පුද්ගලයකුගේ නම සදහන් කර, පිටසන් කර ඇති විට ඒ නම සදහන් ඇති පුද්ගලයා පිටසන් ලද්දා (endorsee) ලෙස හැදින්වේ.
ධාරකයා - විනිමය බිලක් හිමි, එහි වටිනාකම ලැබිමට අයිතිය ඇති පුද්ගලයා, ධාරකයා, (holder) නමින් හැදින්වේ.