යම් රටක බල අධිකාරියක් විසින් නිකුත් කරන ලද කාසි හා නෝට්ටු ව්‍යවහාර මුදල් (currency) වේ. ඒවා වලංගු මුදල් (legal tender) ලෙස හැදින්වේ. ගණු දෙනු පියවිමේදි මේවා නිතීයානු කූලව පිළිගැන. ශ්‍රි ලංකාවේ රුපියල ද බ්‍රිතාන්‍යයේ ස්‍ටර්ලිං පවුමද ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර්ද ජපනයේ යෙන්ද මේවාට නිදසුන් වේ.
ව්‍යවහාර මුදල් ගණයට ගැනෙන කාසි (coins) ප්‍රමාණික (පුර්ණ intrinsic) කාසී නිමිති (token) කාසි යනුවෙන් දෙවර්ගයකට බෙදිය හැකිය. ප්‍රමාණික කාසිවල සැම විටම, ඒවායේ මුහුණත වටිනාකමට සමාන අන්තර්ගත වටිනාකමක් ඒවායේ නැත. වර්තමානයේ භාවිතාකරන සියලුම නෝට්ටු නියමිත මුදල් ගණයට ගැනේ. ඇතැම් රටවල භාවිතාවන සමහර කාසි, ගණුදෙනු පියවිම සදහා නිත්‍යානුකූලව යොදාගත හැක්කේ යම් නිශ්චිත උපරිමයක් තෙක් පමණි. ඒකි මුදල් ඒකක, සීමා රහිත මුදල් ඒකක ලෙස ගනුදෙනු පියවිම සදහා සීමාවකින් තොර ගනුදෙනු හැකි මුදල් ඒකක, සීමා රහිත මුදල් ලෙස හැදින්වේ. නිදසුනක් වශයෙන් දැක්වුවහොත් ශ්‍රි ලංකාවේ ශත 1,2,5 යන කාසිවලින් ගෙවිම් එක් වසරකට කළ හැක්කේ රුපියලක වටිනාකම තෙක්ද පමණි. එහෙයින් ඒවා සීමාසහිත ව්‍යවහාර මුදල් ගණයට ගැනේ. (එතෙකුදු වුවත් මේ සීමාව ඉක්මවා කාසි භාර ගැනිමටත් නීතියෙන් අවහිරයක් නැත.) රුපියල් 1,5,10,20 යන ආදි ඒකකවලින් ඕනෑම උපරිමයක් දක්වා ගෙවිය හැකි හෙයින් ඒවා සීමා රහිත මුදල් වේ.
![](/sayura/images/logo2.png)