මුදලේ කාර්ය
 

මුදලේ කාර්ය මුලික වශයෙන් පහත සදහන් අයුරු සිව් වැදැරුම් වේ.


විනිමය මාධ්‍යක් විම - එයින් අදහස් කෙරෙන්නේ භාණ්ඩත් සේවාත් හුවමාරු කර‍ගැනිමේ මුදල් භාවිතා කළ හැකි විමයි. ගොවියකු තම අස්වැන්න විකුණා, මුදල් ලබාගෙන, ඒ මුදලින් තමාට අවශ්‍ය දේ ගැනිම නිදසුනක් ලෙස දැක්විය හැකිය. එලෙස විනිමය මාධ්‍යක් තිබිම ආර්ථික කටයුතු බාධාවකින් තොරව කර‍ෙගන යාමට ඉවහල් වේ.


ගිණුම් ඒකකයක් විම - භාණ්ඩවල වටිනාකම් දැක්විම සදහා පොදු මිනුම් දණ්ඩක් ලෙස මුදල් භාවිතා කරන බව ගිණුම් ඒකකයක් (unit of account) විම යන්නෙන් අදහස් කෙරේ. වටිනාකම මුදලින් එලෙස ප්‍රකාශ කරන විට ඒ සදහා මිල “මිල” යන විශේෂ නම භාවිතා කෙරේ. හාල් කිලෝ ග්‍රෑමයක මිල රුපියල් විස්සක් වශයෙන්ද කම්කරුවකුගේ ‍ෙදෙනි වැටුප රුපියල් 100 ක් වශයෙන්ද දැක්විය හැකිය. ඒ ආකාරයට වර්තමාන ලෝකයේ භා‍ණ්ඩවලත් සේවාවලත් වටිනාකම මුදල් මගින් සදහන් කෙරේ.


වටිනාකම් රැස්කිරිමේ මාධ්‍යක් විම - මිනිසාගේ එදිනෙදා ඉපයුම් වලින් කොටසක් ආනගත වුවමනා සදහා රැස්කර තබා ගැනිම අවශ්‍ය වේ. ඒ ඉපයුම් භාණ්ඩවලින් රැස්කර තබා ගැනිමට ගියහෙ‍ාත් ඒවායින් සමහරක් යල් පැනිමටත් නශ්‍ය විමටත් පුළුවන. එහෙත් මුදලින් රැස්කර ගත හොත් එවැන්නක් සිදු නොවේ. එහෙයින් වටිනාකම් රැස්කර ගැනිම මාධ්‍යක් හෙවත් වටිනාකමේ සන්ධියක් (store of value) වශයෙන් මුදල් යොදා ගැනේ.


විලම්භිත ගෙවුම් මාධ්‍යක් විම - විලම්භිත ගෙවුම් (deferred payment) මාධ්‍යක් විම යන්නේන් අදහස් කරන්නේ ණය ගනු දෙනු පියවිමේ මාධ්‍යක් වශයෙන් මුදල් යොදාගත හැකි බවයි. නිෂ්පාදන කටයුතුවලටත් හුවමාරු කටයුතුවලටත් අදාල ගණුදෙනු වලින් විශාල ප්‍රමාණයක් සිදු වන්නේ ඒවා ඉදිරි කාලයේදි පියවිමේ පොරොන්දුව මතය. එලෙස කළ හැකිවන්නේ ණය මැනිම, සටහන් කිරිම, අනාගතයේදි පියවිම යන කාර්ය සදහා පොදු මාධ්‍යයක් ලෙස මුදල් ලබාගත හැකි නිසාය. නිදසුනක් වශයෙන් දැක්වුවහොත් රුපියල් 1,000 ක් ණයට ගත් පුද්ගලයකු එය පියවිම සදහා පසුව ගෙවිය යුතු වන්නේ රු. 1000 ක්ම පමණි. (මෙහිදි පො‍ළිය සැළකිල්ලට ගෙන නැත. එහෙත් යම් භාණ්ඩයක් ණයට ගතහොත් ඒ භාණ්ඩය පසුව බේරිමේදි ඒ හා සෑම අතකින්ම සරිලන භාණ්ඩයක් දීම අපහසු විය හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017