අතිතයේ විසු මිනිසා තම වුවමනා ඉටුකර ගත්තේ භාණ්ඩ හා සේවා හුවමාරු කර ගැනිමෙනි. එහෙත් වුවමනා අතර ද්වික සම්පාතයක් (Double Coincidence) නොතිබිම, වටිනාකම මැනිමේ පොදු මිනුමක් නොතිබිම, වටිනාකම රැසිකර තබාගත නොහැකි විම යන ආදි දුෂ්කරතා නිසා හුවමාරු ක්‍රමය පවත්වා ගැනිම අසිරු විය. එයට විසදුමක් වශයෙන් හුවමාරු මාධ්‍යක් (medium of exchange) උපයෝගි කර ගැනිම අවශ්‍ය විය. මූලාරම්භයේ දි හුවමාරු මාධ්‍ය ලෙස සිප්පි කටු, ඇත්දත්, දුම්කොළ යන ආදි ද්‍රව්‍ය ද එයට පසු කාලයකදි යකඩ, තඔ, රන්, රිදී යන ආදි ලෝහ ද භාවිතා කෙරිනි. එය තවදුරටත් විකාශනය වි අද භාවිතා කෙරෙන කාසි හා නෝට්ටු ක්‍රමය බිහි විය. මේ අනුව බලන කල අතීතයේ සිට විවිධ ද්‍රව්‍ය, හුවමාරු මධ්‍ය ලෙස යොදා ගෙන ඇති බව පෙනේ. විනිමය (හුවමාරු) මාධ්‍යයක් වශයෙන් පොදුවේ පිළිගැනෙන ඕනෑම දෙයක් මුදල් ලෙස නිර්වචනය කළ හැකිය.