ස්වභාවය
 

පාලනය - ප්‍රාථමික විවිධ සේවා සමුපකාර සමිතියක නම් අධ්‍යක්ෂ මණ්ඩලයකින් ද ප්‍රාදේශිකය හෝ වෙනත් සමිතියක හෝ නම් කාරක සභාවකින්ද කෙරේ. ඔවුන්‍ තොරා ගනු ලබන්නේ සමාජිකයන්ගේ ඡන්දයෙනි. එක් සාමාජිකයකුට හිමිවන්නේ එක් ඡන්දයක් පමණි.


නීතිමය පුද්ගල භාවය - සමුපකාර සමිති, සමුපකාර ආඥාපනත යටතේ පිහිටුවන ලබන අතර නීතිමය පුද්ගල භාවයක් ඒවාට ලැබේ.


වගකිම - සමුපකාර සමිතියක වගකිම, සීමා සහිත හෝ සීමා රහිත හෝ විය හැකිය. සීමා සහිත වගකීම් යනුවෙන් අදහස් කරන්න, සාමාජිකයන් මිලට ගත් කොටස්වල නාමික අගයට ඔවුන්ගේ වගකීම සීමා වන බවයි. ශ්‍රි ලංකාවේ සීමා සහිත හෝ සීමා රහිත සමිති පිහිටුවිමට අවසර තිබේ.


ගිණුම් කටයුතු හා විගණනය - සෑම සමුපකාර සමිතියක්ම ගිණුම් තැබිම අනිවාර්යෙන්ම කළ යුතුය. එහි ගිණුම් කටයුතු සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධික්ෂණයට යටත් වෙයි.  


ලාභලාභ - සමුපකාර ක්‍රමයේ විශේෂ ලක්ෂණය වන්නේ සමුපකාර සමිතියක ලාභය අතිරික්තය (surplus) ලෙස හැදින්වීමයි. මේ අතිරික්තය බෙදා හරිනු ලබන්නේ සාමාජිකයන් සමති සමග කළ ගනුදෙනුවල වටිනාකමේ අනුපාතය අනුවය. කෙසේ වෙතත් ශ්‍රි ලංකාවේ පාරිභෝගික සමිති‍වල මේ අතිරික්තය බෙදා හැරිම දුර්ලභ සිද්ධියක් වී තිබේ.


පැවැතිම - අඛණ්ඩය. එසේ වුවද එය විසුරුවා හැරිය යුතු නම් ඒ සදහා සමුපකාර සංවර්ධන ‍කොමසාරිස්ගේ අනුමැතිය ලබා ගැනි‍ම අනිවාර්ය වේ.
         
ශ්‍රි ලංකාවේ සමුපකාර සමිති, විවිධ අරමුණු මත විශාල සංඛ්‍යාවක් බිහිවි
තිබෙනු දැකිය හැකිය. ඒවායින් ප්‍රධ‍ාන වර්ග කිහිපයක් පහත දැක්වේ.


විවිධ සේවා සමුපකාර සමිති - මේ සමිති මගින් භාණ්ඩ මිලට ගැනිම, විකිණිම,ණය පහසුකම් සැපයිම, ප්‍රවහන පහසුකම් සැළසීම, මෙන්ම සිනමාහල්, රෝහල්, ඉන්දන පිරවුම් හල් ආදිය ද පවත්ව‍ා‍ෙගන යනු දැකිය හැකිය.


ණය දෙන සකසුරුවම් හා ඉතිරි කිරිමේ සමිති - මේ සමිති පිහිටුවා ඇත්තේ ඉතිරි කිරිමත් සාමාජිකයනට ණය සැපයීමත් අරමුණු කර‍ෙගන ය. ශ්‍රි ලංකාවේ පළමුවෙන්ම පිහිටුවන ලැබු සමුපකාර වර්ගය මෙයයි.


කර්ම‍ාන්ත සමුපකාර සමිති - පේෂ කර්මාන්තයේ නියුතු පුද්ගලයන්ට අවශ්‍ය නූල්, සායම්, යන්ත්‍රෝපකරණ ආදිය නිෂ්පාදිත අලෙවිකිරිමත් සදහා මේ සමිතිය පිහිටුවා ඇත.


ධීවර කාර්මිකයන්ගේ සමුපකාර සමිති - ධිවර කර්මාන්තයේ නියු‍තු පුද්ගලයනට අවශ්‍ය ආම්පන්න සැපයීම, මුල්‍ය අවශ්‍යතා සපුරාලීම,විවිධ නිෂ්පාදන බෙදා හැරිම හා අලෙවිය යන ආදි කටයුතු තුළින් ධිවර කාර්මිකයන්ගේ තත්ත්වය නගාලීම මෙහි අරමුණයි.

(c) Shilpa Sayura Foundation 2006-2017