සමූපකාර ව්‍යාපාර ක්‍රමය, කලින් සදහන් කරන ලද ව්‍යාපාර සංවිධාන ක්‍රම වලට වෙනස් වූවකි. ලාභ ඉපයීම මෙහි පුධාන අරමුණ ලෙස නොසැලකේ. කාර්‍යයක්ෂම සේවාවක් සැපයීමත් සමානාත්මතාව පදනම් කරගෙන සාමාංජිකයන් ගේ පොදු ආර්ථික හා සමාජිය වුවමනා සපූරාගැනීම කෙරෙහි විශෙෂ අවධානය යොමු කිරීමත් මෙහිදී සිදුවේ. 1844 වර්ෂයේදී එංගලන්තයේදී රොව්ඩෙල් හි වැසියන් විසිඅට දෙනෙකු විසින් රන් පවුම් විසි අටක ප්‍රග්ධයක් ඇතිව පිහිටුවනු ලැබූ රොව්ඩෙල් සාධාරණ පුරෝගාමීන්ගේ සමිතිය මෙහි ආරම්භයයි. මේ ක්‍රමයේ සාර්ථකත්වය නිසා වැඩි කලක් ගත වීමට ප්‍රතමඑය ලෝකයේ වෙනත් රටවල් කරා ව්‍යාප්ත විය. මෙලෙස, ශ්‍රී ලංකාවටද ව්‍යාප්ත වූ සමූපාකාර ක්‍රමය නිසා 1996 වර්ෂයේදී මහනුර තෙල්දෙනීයේ සමූපකාර සමීතිය බිහි විය. සමූපකාර සමිති (co – operative societies) මුල් වරට ලියා පදින්චි කිරීම ආරම් වූයේ 1911 අංක 7 දරන සමූපකාර ආඥා පනත සම්මත වීමෙන් පසුවය. එයින් පසු එය රාජ්‍ය අනුග්‍රහය ලත් ව්‍යාස්ථාගත ව්‍යාපාර සංවිධාන ක්‍රමයක් බවට පත්විය. ඒ අනුව මුල්න්ම බිහි වූයේ සමූපකාර ණය දෙන සමිති ක්‍රමයයි. 1912 වර්ෂයේ දී පිහිටු වන ලද සීමා රහිත වැල්ලබඩ පත්තු ණය ෙදන සමූපකාර සමිතිය මේ යටතේ ඇරඹුණු ප්‍රථම සමූපකාර සමිතිය විය.
දෙ වන ලෝක සංග්‍රමය පැවති කාලයේ දී පාරිභෝගිකයන් වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා දීමේ කාර්‍යය වඩා සාධාරණ ලෙස ඉටුකිරීම සදහා සමූපකාර සමීති යෝග්‍ය බව පෙනිණි. මෙයින් ඒ කාලයේ දී පාරිභෝගික සමිති (consumers societies) ක්‍රමය ආරම්භ කරන ලදී. පාරිභෝගික සමුපකාර සමිති වලට භාණ්ඩ සැපයීමේ අරමුණ පදනම් කරගෙන 1943 වර්ෂයේ දී සමූපකාර ෙතාග වෙළෙද ආයතනය (co- operative wholesale establishment) පිහිටු වන ලදී. එයට පසු කාලයේදී මූල්‍ය, නිෂ්පාදන, විකුණුම් හා බෙදාහැරී, සේවා කටයුතු යන විවිධ කාර්‍යය සදහා සමූපකාර සමිති බිහිවිය. එහෙත් මෙලෙස විවිධ කාර්‍යය සදහා වෙන් වෙන් වශයෙන් සමිති තිබීම අසතුටු දායක බව කාලයකදී පෙනී ගිය හෙයින් ඒ තත්වය මගහැරවීම සදහා 1957 වර්ෂයේදී විවිධ සමූපකාර සමිති (multipurpose co-operative societies ) ක්‍රමය ඇති කරන ලදී. මේ ක්‍රමය අනුව යම් ප්‍රදේශයක එක් එක් කාර්‍යය සදහා එක් සමිතියක් බැගින් පිහිටු වීම වෙනුවට ඒ කටයුතු සියල්ලම වඩා ශක්තිමත් පදනමක් මත පවත්වා ගෙන යාම සදහා විවිධ සේවා සමූපකාර සමිතිය (multi-purpose co-operative society) නමින් තනි සමිතියක් පිහිටු වනු ලැබීය.
මේ විවිධ සේවා සමූපකාර සමිති ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී ඇති වූ අඩුපාඩුකම් අතර සාජිකයන්ට අවශ්‍ය සෑම ද්‍රව්‍යයක්ම ඒ වෙළෙද සලේ නොතිබීම, දුර්වල පරිපාලනය, ප්‍රමානවත් තරම් භාණ්ඩ කලට වෙලාවට නොලැබීම, ද්‍රව්‍ය සලාක ක්‍රමයට බෙදා හැරීමේදී ලැබෙන ලාභය මද වීම, වෙෙළද සල් වල ්‍රමාණවත් තරම් ඉඩකඩ නෙතෙිබීම හා ඒවා අපිරිසිදු වීම, වෙළෙද සේවකයන් ආචාරශීලී නොවීම ආදිය ප්‍රධාන වේ . මේ නිසා ෙම් අඩුපාඩුකම් පිළිබද සොයා බලා වාර්ථා කිරීමට 1968 වර්ෂයේදී පත් කැරුණු ලේඩීලෝ කොමිෂන් සභාවේ නිර්දේශ අනුව 1971 දී සමූපකාර ප්‍රතිසංවීධාන ක්‍රියාත්මක කැරිණි.
1971 ප්‍රතිසංවිධානයේ මූලික ලක්ෂණ සමහරක් පහත දැක්වේ.
මෙතෙක් බැවති විවිධ සේවා සමූපකාර සමිති වෙනුවට ජනසංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් පලාත් පාලන බල ප්‍රදේශ එකක් හෝ කිහිපයක් හෝ සදහා වීශාල ප්‍රාතමික විවිධ සේවා සමූපකාර සමිතියක් බැගින් පිහිටුවීම .
මේ එක් එක් ප්‍රතමික විවිධ සේවා සමූපකාර සමිතිය යටතේ ප්‍රදේශික ගණනාවක් පිහිටු වීම.
එක් එක් ප්‍රාද්ශිකයේ පාලනය එයට අයත් සාමාජිකයන්ගේ ඡන්දයෙන් තෝරා පත් කැරෙන 9 සෙනෙකුගෙන් සමන්විත කාරක සභාවක් මගින් සිදු වීම.
ප්‍රාථමික විවිධ සේවා සමූපකාර සමිති පරිපාලනය 15 දෙනකුගෙන් යුත් අධ්‍යක්ෂක මණ්ඩයකින් සිදු විම (මේ මණ්ඩලයට 9 දෙනෙක් ප්‍රාදේශිකවලින් තෝරා පත් කෙරෙන නියෝජිත යන්ගේ ඡන්දයෙන් ද 5 දෙනකු නිල බලයෙන්ද එක්කෙනෙක් සමුපකාර සංවර්ධන කොමසාරිස් පත් කිරිමෙන්ද පත් වුහ.)
ඒ හැර ප්‍රාදේශය (සමිති), දිස්ත්‍රික්ක, ජාතික යන මට්ටම් තුන යටතේ සමුපකාර ව්‍යාපාර ප්‍රතිසංවිධානය විය. ප්‍රාදේශිය මට්ටමේ දි සිදුවන්නේ ප්‍රාථමික විවිධ සේවා සමුපකාර සමිතිත් එයට අනුබද්ධව පිහිටුවන සමුපකාර ප්‍රාදේශියකයන් මගින් පාරිභෝගික අවශ්‍යතා ඉටු කිරිමයි. දිස්ත්‍රික් මට්ටමින් සිදුවන්නේ ඒ ඒ දිස්ත්‍රික්කවල පිහිටි සමුපකාර සමිති ඒ ඒ දිස්ත්‍රික් භාර සහකාර සමුපකාර සහකාර කොමසාරිස්ගේ අධික්ෂණයට යටත් විමයි. ජාතික මටිටමින් සිදුවන්නේ ශ්‍රි ලංකාවේ පිහිටි සියලුම සමුපකාර සමිති නියෝජනය කරන සමුපකාර සංගමය මගින් සියළුම සමුපකාර සමතිවල කටයුතු සමායෝජනය කිරිමයි.
මේවාට අමතර ව 1971 ප්‍රතිසංවිධානය මගින් සිදු කළ ආනෙකුත් කටයුතු අතර සමුපකාර කළමණාකාර සේවා ආයතනය පිහිටුවිම, ග්‍රාමිය බැංකු පිහිටුවිම, සාමාජිකත්වය පුළුල් කිරිම සදහා කොටසක නාමික අගය රුපියල දක්වා අඩු කිරිම විශේෂයෙන් සදහන් කළ හැකිය.
මෙයට පසු මුලික ප්‍රතිසංවිධාන ඇති වුයේ 1979 වර්ෂයේදිය. ඒ ප්‍රතිසංවිදානය අනුව ප්‍රාථමික සමිතියක පාලනය 7 දෙනකුගෙන් යුත් අධ්‍යක්ෂ මණ්ඩලයක් වෙත පැවැරිණ.
සමුපකාර සමිතියක පාලනය සාමාජිකයන්ගෙන්ද සමුපකාර ඇමතිතුමාෙගන්ද සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවෙන්ද පාර්ලිමේන්තුවෙන්ද සිදුවනු දැකිය හැකිය.
සමුපකාර ව්‍යාපාරයක ලක්ෂණ
අයිතිය - සාමාජිකයන් සතුය. කොටසක මිල සාමාන්‍යයෙන් රුපියලකි. කෙසේ වෙතත් මේ මුදල ප්‍රමාණවත් නොවේ යැයි හැගෙන අවස්ථාවක කොටසක මිල රුපියල් දහය දක්වා වැඩිකිරිමට සමුපකාර සමිතියක අතුරු ව්‍යවස්ථාව යටතේ ඉඩ තිබේ.
සාමාජික සංඛ්‍යාව - සමුපකාර සමිතියක් ලියා පදිංචි කිරිම සදහා අවශ්‍ය අවම සමාජික සංඛ්‍යාව දහයකි. උපරිමය සම්බන්ධයෙන් සීමාවක් නැත.
අරමුදල - සමිතියේ සාමාජිකයන්ගේ දායකත්වයෙන් අරමුදල ගොඩ නැගේ. එයට අමතරව විශේෂ අවස්ථාවලදි රජයේ අනුග්‍රහයෙන් භාණ්ඩ ණයට ගැනිමටද ඉඩ කඩ සැළසේ. ඒ හැර අරමුදල වැඩි කර ගැනිම සදහා බැංකු ණය ලබාගැනිමටද පුළුවන. එසේම සමිතියක ලාභ, සාමාජිකයන් අතර නොබෙදා රදවා ගැනිමෙන්ද අරමුදල වැඩිකරගත හැකිය.
ලියාපදිංචි කිරිම - සමුපකාර සමිතියක් පිහිටුවිමට බලාපොරොත්තුවන පුද්ගලයන් විසින් මුලින්ම කළ යුත්තේ ප්‍රදේශය භාර පරික්ෂක වරයාට ඒ පිළිබද ව දැනුම් දිමයි. එවිට ඔහු සමිතියේ රැස්විම් වාරයක පැමිණ එහි කටයුතු නිරික්ෂණය කරනු ඇත. එසේම සමිතිය එසේම පවත්වාගෙන ආ වාර්තා, ගිණුම් වාර්තා ආදිය පරික්ෂාකර, එය ලියාපදිංචි කිරිම සුදුසු යැයි පිළිගත හොත් පහත සදහන් ලියවිලි සමුපකාර සංවර්ධන කොමසාරිස් වෙත ඉදිරිපත් කරනු ඇත.