රජයට පවරාගත් ව්‍යාපාර
 

මෙයින් ප්‍රධාන වන්නේ කලින් පෞද්ගලික අංශය සතු ව තිබූ, රජය විසින් පසුව පවරා ගන්නා ලද ව්‍යාපාර වේ. එකී ව්‍යාපාර රජයට පවරා ගැනීම සදහා සම්මත කර ගත් නීති වලට නිදසුන් වශයෙන්, 1971 අංක 35 දරන ව්‍යාප‍ාර ආයතන අත්පත් කර ගැනීමේ පනත 1972 අංක 1 දරන ඉඩම් ප්‍රතිසංස් කරන පනත, 1975 ව්‍යපාර අත්පත් කර ගැනීමේ සංශෝදිත පනත යන ඒවා දැක්විය හැකිය. ඒවා අතරින් ව්‍යාපාර අත්පත් කර ගැනීමට අදාල 1971 අංක 35 දරන පනතත් 1975 ව්‍යාපාර අත්පත් කර ගැනීමේ සංශෝධිත පනතත් 1988 අංක 58 ව්‍යාපාර (අත්පත් කර ගැනීමේ) (ඉවත් කිරීමේ) පනත මගින් අහෝසි කරන ලදී. ව්‍යාපාරයක් වර්ථමාන‍ෙය් අත්පත්  කර ගත හැක්කේ ඒ සදහා විශේෂ පනතක් පාර්ලීමේන්තුව මගින් සම්මත කර ගැනීමෙන් පමණි.


          මෙලෙස පවරා ගත් ව්‍යාපාර නැවත පේද්ගලික අංශය වෙත ලබාදීමේ ප්‍රවනතාවක් වර්ථමානයේදී දැකිය හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017