රාජ්‍ය සංස්ථා හෝ ව්‍යවස්ථාපිත මණ්ඩල
 

රාජ්‍ය සංස්ථා යනු ප්‍රාග්ධනය සම්පුර්ණයෙන්ම හෝ එයින් කොටසක් හෝ රජය සපයන පොදු පනතක් හෝ විශේෂ පනතක් හෝ යටතේ සංස්ථාපිත, ලාභ ලැබිමේ හෝ පොදු යහපත සැලසිම හෝ පරමාර්ථයෙන් භාහණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන හෝ වාණිජ කටයුතු වල නිරත වන හෝ නෛතික පැවැත්මක් ඇති ආයතන විශේෂයකි.

රාජ්‍ය සංස්ථා පිහිටුවනු ලබන්නේ පාර්ලිමේන්තුව සම්මත කරන පොදු හෝ විශේෂ හෝ පනතක් මගිනි. පොදු පනතක් යටතේ රාජ්‍ය සංස්ථා කිහිපයක් ආරම්භ කළ හැකිය. එහෙත් විශේෂ පනතක් යටතේ ආරම්භ කළ හැක්කේ යම් නිශ්චිත සංස්ථාවක් හෝ ව්‍යවස්ථාපිත මණ්ඩලයක් හෝ පමණි. රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩලය (statutory boards) යන දෙකෙහි බොහෝ දුරට සමීප සමානතාවයක්  දැකිය හැකිය. ව්‍යවස්ථාපිත මණ්ඩලය ආරම්භ කළ හැකි වන්නේ විශේෂ දෙපාර්තමේන්තු පනතක් මගින් පමණක් විම මේ දෙවර්ගය අතර පවත්නා ප්‍රධාන වෙනසයි.


සංස්ථාවක ප්‍රධාන ලක්ෂණ පහත දැක්වෙයි.


අයිතිය - සංස්ථාවල සම්පුර්ණ අයිතිය බොහෝ විට රජය සතුය. සංස්ථාවල ප්‍රග්ධනයට දායක විමේ අවස්ථාව පෞද්ගලික අංශවලට ද ඇතැම් විට පවරා දි ඇති නිසා ඒවායේ අයිතියෙන් කොටසක් පෞද්ගලික අංශයට හිමි වේ.


ප්‍රාග්ධනය - ශ්‍රි ලංකාවේ රාජ්‍ය සංස්ථාවේ වැඩි ප්‍රමාණයක  ප්‍රාග්ධනය මුලුමනින්ම සපයා ඇත්තේ රජයයි. එහෙත් සමහර සංස්ථා මහජනයාට කොටස් වශයෙන් විකිණිමෙන් ප්‍රාග්ධනය ලබා ගනි.


පරිපාලනය - සභාපති ඇතුඵ අධ්‍යක්ෂක මණ්ඩලයක් හෝපාලක මණ්ඩලයක් හෝ මෙහෙයවයි. අධ්‍යක්ෂ මණ්ඩලය හෝ පාලක මණ්ඩලය හෝ පත් කෙ‍ෙරන ආකාරයෙන් එහි සංඛ්‍යාව පිළිබද විධිවිදාන සංස්ථාව පිහිටුවිමට අදාල පනතේ ඇතුළත් වේ. ඒ හැර සංස්ථාවක කටයුතු, සංස්ථාව හැර අමාත්‍යවරයා‍ෙග් ද පාර්ලිමේන්තු විගණාධිපතිගේද පාලනයට යටත් වේ. රාජ්‍ය සංස්ථාවක අධ්‍යක්ෂ මණ්ඩලය, ඒ සංස්ථාවේ කටයුතු සම්බන්ධයෙන් අදාළ ඇමතිවරයාට වගකිව යුතුය. රාජ්‍ය සංස්ථාවක් සෑම මුදල් වර්ෂයක් අවසානේදි එහි වාර්ෂික පරිපාලන වාර්තාව (annual administratrative report)  පාර්ලිමේන්තු අනු කමිටුව මගින් පරික්ෂාවට භාජනය කෙරේ. සංස්ථාවේ වාර්ෂික ගිණුම් වාර්තා රජයේ විගණකාධිපති (auditor-general)  වෙත ඉදිරිපත් කර අනුමත කරවා ගත යුතුය. ඒ ගිණුම් රාජ්‍ය ගිණුම් කාරක සභාව (public accounts committee) විසින් පරික්ෂණයට භාජනය කෙරේ.


නීතිමය පුද්ගල භාවය - නීතිය ඉදිරියේ පුද්ගලයකු ලෙස සැළකේ.


ලාභය - සංස්ථා සිය ව්‍යාපාර කටයුතු වලින් සාධාරණ ලාබයක් උපයාගත යුතුයැයි වර්තමානයේ පිළිගෙන ඇත. මේ ලාභය මත රජයට බදු ගෙවිමට සිදුවන ශේෂය කොටස් හිමියන් සිටිත් නම්  ඔවුනට ලාභාංශ ගෙවිමටත් සංස්ථාවේ අභිවෘද්ධිය සදහා ගෙවිමටත් පුළුවන. යම් හෙයකින් අලාභයක් ඇති වුවහොත් එය පියවා ගැනිම සදහා රජයේ සහය පැතිය හැකිය.


වගකිම - රාජ්‍ය සංස්ථාවක වගකීම අසිමිතය. එසේ වුවද පෞද්ගලික අංශයට  කොටස් නිකුත් කරන අවස්ථාවක, කොටස් හිමියන්ගේ වගකීම ඔවුන් මිලටගත් කොටස් වල  නාමීක අගයකට සීමා වේ.


පැවැත්ම - අඛණ්ඩ පැවැත්මක් ඇත.


කෙසේ වුවද ශ්‍රි ලංකාවේ වර්තමානයේ පවත්නා සංස්ථා බොහෝමයක් ආකාර්ෂම බවත් ඒවා ජාතික ආර්ථිකයට ඔරෝත්තු නොදෙන බවත් පිළිගෙන ඇති නිසා ඒවා වඩාත් කාර්යක්ෂම පවත්වා‍ෙගන යාමේ අරමුණින් මුලීක පියවර රැසක් ගන්නා බව පෙනේ. මේවා අතර එබදු සංස්ථා රාජ්‍ය සමාගම් බවට පත්කිරිම, කළමණාකරණය පෞද්ගලික අංශයට පැවැරිම, ජනතාකරණය කිරිම, පොදු සමාගම් බවට පරිවර්තනය කිරිම ප්‍රධාන වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017