රජයේ ඇතැම් දෙපාර්තමෙන්තු භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේත් වාණිජ කටයුතු වලත් නිරත වේ. ඒවා සෘජුවම රාජ්‍ය පාලනයට නතු වේ. එසේම රජයේ සේවකයෝ රජයේ ප්‍රතිපත්තිවලට අනුකූලව ඒවායේ කටයුතු කරගෙන යති. මේ ව්‍යාපාර සංවිධාන ක්රමයේ පහත දැක්වෙන ලක්ෂණ දැකිය හැකිය.
අයිතිය - රජය සතුය.
පරිපාලන - දෙපාර්තමේන්තුවේ ප්‍රධානිය විසින් කරනු ලබයි. දෙපාර්තමේන්තු ප්‍රධානිය විසින් කරනු ලැබයි. මෙහිදි ආයතන සංග්‍රහයට (establishment code) හා මුදල් රෙගුලාසිවලට (financial regulation) අනුව මෙන්ම අදාල අමාත්‍යාංශයේ හා මහා භාණ්ඩාගාරයේද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේද නියෝගවලට අනුකූලව ක්‍රියා කිරිමට ඔහුට සිදු වේ.
නිතීමය පුද්ගල භාවය - දෙපාර්තමේන්තුව නීතිය ඉදිරියේ පුද්ගලයකු ලෙස නොසැලකෙයි. එහෙයින් නීතිය ඉදිරියේ පෙනි සිටිමට සිදු වන්නේ දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නිල නාමයෙනි.
විගණනය - රජයේ විගණාකාධිපති දෙපාර්තමේන්තුව මගින් සිදු කෙරෙ.
ආදායම - ව්‍යාපාර කටයුතු වලින් උපයන ආදායම වෙනත් කාර්යයකට නොයොදා ඒකාබද්ධ අරමුදලට (consolidated fund) බැරකල යුතුය.
දෙපාර්තමේන්තු ව්‍යාපාර රජයේ පරිපාලනයට යටත් වන බැවින් තීරණ ගැනිමේදි ප්‍රමාදයක් දැකිය හැකිය. රාජ්‍යයේ අනම්ම්ය නිතී රීති වලට යටත්විම, සේවක උනන්දුව හා කැප විම මද විම, කළමණාකරණය කාර්යක්ෂම නොවිම, යනාදි කරුණු නිසා දෙපාර්තමේන්තු ක්‍රමය ව්‍යාපාර කටයුතු කරගෙන යාමට යෝග්‍ය නොවන බව පෙනේ. මේ නිසා ව්‍යාපාර කටයුතු කරන ඇතැම් දෙපාර්තමේන්තු රාජ්‍ය සංස්ථා හා රාජ්‍ය සමාගම් හෝ පරිවර්තනය කිරිමේ ප්‍රවණතාවක් පවති.