ඩෙකෑන් සානුවේ බටහිර හා නැගෙනහිර දෙසින් විහිදෙන කඳු පන්ති දෙකක් ඔබට දක්නට පුළුවන. බටහිර ඝාට්ස් හා නැගෙනහිර ඝාට්ස් යනුවෙන් ඒවා හැඳින්වේ. මෙම කඳුවැටි දෙක , දකූණු දෙස පිහිටි නිල් ගිරි කඳුවලදී එක් වේ. ඩෙකෑන් සානුවේ ප්‍රධාන ගංගා කිහිපයක් ඇත. මහානදී ගෝදාවරී , ක්‍රිශ්ණා , තූංගභද්‍රා , කාවේරි යන ගංගා නැගෙනහිර දෙසට
ගලා බසී.
මෙහි පිහිටා ඇති ප්‍රධාන ගංගාවන් මුහුදට වැටෙන දිශාව අනුව සානුවෙහි බෑවුම , සාමාන්‍යයෙන් බටහිර සිට නැගෙනහිරට බව පැහැදිලි වනු ඇත. ඩෙකෑන් සානුව වියලි දේශගූණයකින් යුක්තය. අප රටේ වයඹ හා උතූරු ප්‍රදේශයේ දේශගූණය කෙරෙහිද ඩෙකෑන් සානුවේ වියලි බව බලපා තිබේ.