ජනතාකරණ සමාගම්
 

අප මෙතෙක් සාකච්ඡා කළ ව්‍යාපාර සංවිධානය අතරට මෑත දි එක්වු නවතම සංවිධාන වර්ගයක් ලෙස ජනතාකරණ සමාගම්  (peolised companies) හැදින්විය හැකිය. ඒ සමාගම් පිහිටුවිමේ අරමුණ වන්නේ රජ්‍ය සංස්ථාවලත් (public corporations)  රාජ්‍ය අත්කරගත් වෙළද ව්‍යාපාරවලත් කොටස් හිමිකාරත්වය පුළුල් කිරිම තුළින් පෞද්ගලික අංශයේ වර්ධනය හා එමගින් ඒවායේ කාර්යක්ෂමතාව නංවාලීමයි.

 


          මේ වැඩ පිළිවෙළ දියත් කිරිම සදහා 1987 අංක 23 දරණ රාජ්‍ය සංස්ථා හෝ ආණ්ඩුවට අයත් වෙළද ව්‍යාපාර ආයතන හෝ පොදු ව්‍යාපාර බවට පරිවර්තනය කිරිමේ පනත පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදි.   මේ අනුව රජය යම් සංස්ථාවක් හෝ රජය අත්කර ගත් වෙළද ව්‍යාපාරයක් හෝ ජනතාකරණ සමාගමක් බවට පත්කිරිමට තීරණය කළ හොත් මුලින්ම කෙරෙන්නේ අදාල අමාත්‍යවරයා සාංගමික සංස්ථාපත්‍රය හා සංගමික ව්‍යවස්ථාවලිය සමාගම් රෙජිස්‍‍ටාර් වෙත ඉදිරිපත් කරමින් එය පොදු සමාගමක් වශයෙන් ලියා පදිංචි කරන ලෙස ඔහුට නියෝග කිරිමයි. ඒ අනුව සමාගම ලියාපදිංචි කර සම්මුති සහතිකය නිකුත් කෙ‍ෙර්. පොදු සමාගමක් ලෙස සංස්ථාගත කළ බවට නිවේදනයන් ගැසට්පත්‍රයේ ද පළ කෙරේ. ඒ සමගම රෙජිස්‍ටාර් අදාළ කොටස් සියල්ලම මහා භාණ්ඩාගාරයේ ලේකම්ට වෙන් කළ යුතුය.


          ඒ කොටස් වලින් බහුතරය (60% ක් පමණ) මහා භාණ්ඩාගාර ලේකම් දේශිය හෝ විදේශිය සමාගමකට විකුණයි. එසේ විකිණිම ටෙන්ඩර් කැදවිමෙන් හෝ කොටස් වෙළද පොළ (share market) මගින් හෝ හෝ කළ හැකිය. මේ හැර කොටස් වලින් 10% පමණ ඒකි සමාගමේ සේවකයන්ට යම් පදනමක් මත නොමිලේ නිකුත් කෙරෙන අතර ඉතිරි කොටස් සම මිලට හෝ විකිණිමට මහ ජනතාව වෙත ඉදිරිපත් කෙරේ. මෙලෙස ජනතාකරණය කළ ර‍ාජ්‍ය ආයතන වලට සීමා සහිත ලංකා ඔක්ෂිජන්, සීමා සහිත පු‍ෙගාඩ ටෙක්ස්ටයිල් නිදසුන් ලෙස දැක්විය හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017