කොටස් අයිතිය මහජනයා අතර ව්‍යාප්ත කිරිමේ පරමාර්ථයෙන් අරඹා ඇකි මේවා, පොදු සමාගම් යටතට ගැනේ. 1982 අංක 17 දරන පනත අනුව ජනතා සමාගමක තිබිය යුතු ලක්ෂණ පහත දැක්වේ.
- අවම සාමාජිකයන් සංඛ්‍යාව පහකි. උපරිමය පිළිබදව සීමාවක් නැත.
- එක් කොටසක නාමික අගය රුපියල් 10 නො ඉක්ම විය යුතුය.
- යම් පුද්ගලයකුට (පවුලේ සාමාජිකයන් සමග වුවද ) ජනතා සමාගමක කොටස් ප්‍රාග්ධනයෙන් 10% කට වඩා ගත නොහැකිය.මේ කොන්දේසිය රජයට බල නොපායි.
- යම් පුද්ගලයකුට අවම වශයෙන් එක් කොටසක් වුවද මිලටගත හැකිය.
- ජනතා සමාගමක අවම වශයෙන් අධ්‍යක්ෂවරුන් තුන්දෙනකුවත් සිටිය යුතු අතර ඒ එක් එක් අධ්‍යක්ෂවරයා සතු ව යටත් පිරිසයින් එක් කොටසක් වත් තිබිය යුතුය.
- ජනතා සමාගමක අධ්‍යක්ෂකවරුන් තෝරා පත්කර ගත යුත්තේ කොටස් හිමියන් විසිනි. ඒකි අධ්‍යක්ෂක වරුන් වර්ෂයේ අවසානයේදි තම තනතුරුවලින් ඉවත් විය යුතුය. එසේ වුවද මහ සභා රැස්විමකදි යලි තොරා ගනු ලැබිමට ඔව්හු සුදුස්සෝ වෙති.
- එක් ජනතා සමාගමක අධ්‍යක්ෂවරයකුට වෙනත් ජනතා සමගමකට අධ්‍යක්ෂ තනතුරක් දැරිය නොහැකිය.
- ජනතා සමාගමක කොටස් වෙනත් ජනතා සමාගමකට හැර අන් සමාගමකට මිලට ගත නොහැකිය.
ශ්‍රි ලංකාවෙන් පිටස්තර ව සංස්ථාගත කරනු ලැබ ශ්‍රිලංකාව ඇතුළත ව්‍යාපාර පවත්වාෙගන යන සමාගම්
නමින් හැගවෙන පරිදි මේවා, ශ්‍රි ලංකාවෙන් පිටස්තර සංස්ථාගත කරනු ලැබේ. ශ්‍රි ලංකාව තුළ ව්‍යාපාර පවත්වාෙගන යන සමාගම් වේ. මේකි සමාගම් රෙජිස්‍ටාර් වෙත අදාල ලියකියවිලි ඉදිරිපත් කර, ලියා පදිංච් සහතිකය ලබා ගත යුතුය. ඇතැමුන් මේවා අනේවාසිකව (Non –Resident) සමාගම් යනුවෙන් ද හදුන්වනු දැකිය හැකිය.