සමාගමක් ගණන් බේරා වසා දැමිමේ කටයුතු ක්‍රියාත්ම කිරිමට බලය පැවැරුණු පුද්ගලයා ඈවරකරු (liquidator) හෝ ඈවරකරුවන් හෝ පත් කිරිම අධිකරණය මගින් කරනු ලැබිය හැකිය. ඒ අවස්ථාවේ ඈවරකරුට හෝ ඈවරකරුවනට හෝ විසුරුවා හැරිමේ කටයුතු සාර්ථක ලෙස කරෙගන යාම සදහා බලතල රාශියක් ලැබේ. ඒවා අතර සමාගමේ චංචල (movable) හෝ නිෂ්චල (immovable) හෝ දේපල විකිණිම, සමාගමේ සියලුම ඔප්පු හා වෙනත් ලිපි ලේඛන අත්සන් කිරිම, ණය මුදල් ලබා ගැනිම,ණය හිමියනට මුදල් ගෙවිම, ණය බේරුම් කිරිම (settlement) සදහා ණය ණය හිමියන් සමග වැඩ පිළිවෙළක් යොදා ගැනිම, ගණන් බේරා වසා දැමිමට අදාළ ඔනෑම කාර්යයක් කිරිම යන ආදිය ප්‍රමුඛ වේ.