හුණුගල් පෝරණුව සහ හුණු නිෂ්පාදනයේ දුර්වලතා
 

හුණුගල් පිළිස්‌සීමේ දී
මුලින්ම දර තට්ටුවක්ද
දෙවනුව හුණුගල් තට්ටුවක්ද
යනාදි ලෙස මාරුවෙන් මාරුවට
හුණුගල් හා දර තට්ටු දමනු ලැබේ.




මෙහිදී සිදුවන රසායනික විපර්යාසය නම්.

CaCo3 + O2 = CaO + Co2 +H2O.


මේ ආකාරයෙට සකස් කල පෝරණුවේ පහළම දර තට්ටුව දහනය කරනු ලැබේ. ඉන් පසු සියඑම දර තට්ටු ක්‍රමයෙන් දහනය වන අතර මෙලෙස දවසක් පමණ පිළිස්‌සීමට ඉඩ හරිනු ලැබේ.


හුණු නිෂ්පාදනය කරන දේශීය ක්‍රමයේ ඇති දුර්වලතා


  • පිළිස්‌සු හුණු සමග දර අළු මිශ්‍ර වී තිබීම.
     

  • අතුරු එලයක් ලෙස සෑදෙන කාබන් ඩයොක්සයිඩ් (CO2) වායුව අපතේ යාම. (මෙම කාබන් ඩයොක්සයිඩ් (CO2) වායුව වෙනත් කර්මාන්තයක් සදහා යොදා ගත හැක).
     

  • පෝරණුව තුල රැදෙන (Ca2) නිසා (CaO) නැවත (CaCO3) බවට පත්වීම.
     

  • දර මගින් තාපය සැපයීම නිසා තාපය බොහෝ සෙයින් අපතේ යාම.
     

  • හුණුගල් සම්පූර්ණයෙන් අළුහුණු බවට පත් නොවීම.
     

  • පරිසරය දූෂණය වීම.
     

  • මීට අධික උෂ්ණත්වයක් අඛන්ඩව සැපයිය යුතුවන අතර දර දමා
    පිළිස්‌සීම නිසා මෙය කිරීම ඉතා අසීරු වීම.
  • (c) Shilpa Sayura Foundation 2006-2017