සීමා සහිත සමාගමක ගණන් බේරා වසා දැමිම
 

සීමා සහිත සමාගමක ගණන් බේරා වසා දැමිම තුන් ආකාරයකින් කළ හැකිය.


  1. ස්වේච්ඡාවෙන්
  2. අධිකරණය විසින්
  3. අධිකරණයේ අධික්ෂණයට යටත්ව

මේ හැර සමාගම් පනතේ විධිවිධාන වලට (Provisions) අනුව ක්‍රියා නොකිරිම නිසා සමාගමේ නම, ලේඛනයෙන් ඉවත් කිරිමටද සමාගම් රෙජිස්‍ටාර්ට පුළුවන.



  1. ස්වේච්ඡාවෙන් - සමාගම් සංස්ථාවලිය මගින්සමාගම් පැවැතිය යුතු කාලසීමාව සදහන් කර ඇත්නම් ඒ කාල සීමාව ඉක්ම විමෙන් පසු පැවැත්වෙන මහසභා රැස්විමකදි යෝජනාවක් සම්මත කර ගැනිම, යම් සිද්ධියක් වු විට විසුරුවා හැරිය යුතු යැයි විවස්ථාවලියේ සදහන් වි ඇත්නම් එය සිදුවිමෙන් පසු මහ සභා රැස්විමකදි යෝජනාවක් සම්මත කර ගැනිම, ස්වේච්ඡාවෙන් ගණන් බේරා වසා දැමිය යුතුබවට විශේෂ යෝජනාවක් සම්මත කර ගැනිම , ස්වේච්ඡාවෙන් ගණන් බේරා වසා දැමිය යුතු බවට වි‍ෙශ්ෂ යෝජනාවක් සම්මත කර ගැනිම, සමාගමේ පවත්නා වගකීම හේතුවෙන් ව්‍යාපාරය තවදුරටත් පවත්වාගෙන යාම අයෝග්‍ය බවට ඇති විශේෂ යෝජනාවක් සම්මත කර ගැනිම යන මේවායින් ඔනෑම ක්‍රමයකින් සමාගමක්, ස්වෙච්ඡාවෙන් (voluntary) ගණන් බේරා වසා දැමිම කළ හැකිය.

  2.  අධිකරණය විසින් - සමාගමක් එහි ගණන් බේරා වසා දැමිය යුතු බවට විශේෂ යෝජනාවක් සම්මත කර ගැනිම, ව්‍යවස්ථාපිත වාර්තාව සමාගම් රෙජිස්‍ටාර් වෙත භාර නොදිම හෝ ව්‍යවස්ථාපිත සභා රැස්විම් නොපැවැත්විම,සමාගම සංස්ථාගත කර අවුරුද්දක් ගත වන තෙක් ව්‍යාපාර කටයුතු එක් අවුරුද්දක් අත්හිටුවා තිබිම, පෞද්ගලික සමාගමක නම සාමාජින සංඛ්‍යාව දෙකකට අඩුවිම හෝ පොදු සමාගමක නම් හතකට අඩු විම, ණය ගෙවිමට සමාගමට නොහැකි විම, සමාගම ගණන් බේරා වසා දැමිම සාධාරණ බව අධිකරණය තීරණය කිරිම යන මේ අවස්ථා හයෙන් ඔනෑම එකකදි අධිකරණය තීරණය කිරිම යන මේ අවස්ථා හයෙන් ඔනෑම එකකදි අධිකරණය (courts) විසින් ගණන් බේරා වසා දමනු ලැබිය හැකිය.

  3. අධිකරණයේ අධික්ෂණයට යටත්ව - යම් සමාගමක් ස්වෙච්ඡාවෙන් ගණන් බේර‍ා වසා දැමිය යුතු බවට යෝජනාවක්සම්මත වු විට, එය අධිකරණයේ අධික්ෂණය (supervision)  යට‍ෙත් සිදු කළ යුතු යැයි නියෝග කිරිමට අධිකරණයට පුළුවන. එසේ වු විට ස්වෙච්ඡාවෙන් වෙන විසුරුවා හැරිම අධිකරණයේ අධික්ෂණය යටතේ වන විසුරුවා හැරිමක් වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017