සීමා සහිත සමාගමක වාර්ධික මහ සභා රැස්විම් පැවැත්වු දින සිට දින 42 ක් ඇතුළත වාර්ෂික වාර්තාවේ (annual return/report) පිටපතක් සමාගමේ අධ්‍යක්ෂකවරයකුගේ හෝ ලේකම් වරයකුගේ අත්සනින් යුතුව සමාගම් රෙජිස්‍ටාර් වෙත ඉදිරිපත් කළ යුතුය. වාර්ෂික වාර්තාවට පහත සදහන් ලේඛන ඇමිණිය යුතුය.
- වාර්ෂික මහ සභා රැස්විමට ඉදිරිපත් කෙරුණු ලාභ ලාභ ගිණුමේ හා ශේෂ පත්‍රයේ සහතික කළ පිටපතක්
- ඉහත සදහන් වාර්තාවලට අදාල විගණන වාර්තාවේ සහතික කළ පිටපතක්
- සමාගමේ අධ්‍යක්ෂවරුන්ගේ වාර්තාවේ පිටපතක්
ඉහත සදහන් කළ පිටපත් සත්‍ය ඒවා බවට සමාගමේ අධයක්ෂකවරයකු හා ලේකම් විසින් සහතික කර තිබිය යුතුය.
- සමාගමේ කලින් සිටි හා දැනට සිටින සාමාජිකයන්ගේ නම්, ලිපින, පුරවැසිභාවය, රැකියාව, කොටස් පැවැරිම, ලියාපදිංචි කිරිම ආදි කරුණු ඇතුළු සුචිය (index).
ඒ හැර වාර්තාවේ දිනය වන විට නිකුත් කර ඇති කොටස් හා ණයකර ප්‍රමාණය, ලැබිය යුතු හිග මුදල්, අවමිලට නිකුත් කිරිම ඇතොත් ඒ පිළිබද විස්තර, කොමිස්, කොටස් අහිමිකිරිම්, කොටස් බලපත්‍ර නිකුත් කිරිම, දැනට සිටින අධයක්ෂවරුන් හා විගණනකරුවන් පිළිබද විස්තර යනාදිය සමාගම් පනතේ දක්වා ඇති තොරතුරු ද ඇතුළත් කළ යුතුය.