- සමාගමක සාමාජිකයන්ගේ ඡන්ද බලය පිළිබද විධිවිධාන සාංගමික ව්‍යවස්ථාවලියේ සදහන‍් වේ. එසේ වුවද සමාගම් පනත අනුව පහත සදහන් කරුණු මෙහිලා වැදගත් වේ.
- සීමාසහිත පොදු සමාගමක් ඡන්දය දිමට හිමිකමක් ලැබෙන්නේ ගෙවිය යුතු ඇරයුම් මුදල්ද වෙනත් සියලු මුදල්ද ගෙවා ඇති සාමාජිකයන්ට පමණි.
- රැස්විමකදි ඡන්දය දීම දෙයාකාරයකට සිදු වේ. ඒවා නම් අත් එසවිමෙන් හෝ ඡන්දය දැමිමෙනි.
- කොටස් ප්‍රාග්ධනයක් සහිත සමාගමක අත් එසවිමෙන් ඡන්දය පාවිච්චි කරන විට එක් එක් සාමාජිකයන්ට ලැබෙන්නේ එක් ඡන්දයක් පමණි. එසේ වුවත් කොටස් ප්‍රාග්ධනයක් සහිත සමාගමක ඡන්දය දැමිමෙන් ඡන්දය විමසන විට එක් එක් සාමාජිකයාට ඔහු දරන එක එක කොටස වෙනුවෙන් එක ඡන්දය බැගින් හිමි වේ. මෙලෙස ඡන්ද එකකට වැඩි සංඛ්‍යාවක් සතු කොටස් හිමියකු ඡන්දය දෙන්නේ නම් ඔහුට හිමි ඡන්ද සියල්ලම එකම ආකාරයට පාවිච්චි කිරිම අවශ්‍ය නොවේ.
- සමාගමේ යම් රැස්විමකට සහභාගි විය නොහැකි කොටස් හිමියකුට තමා යෝජනා කිරිම සදහා ඒ රැස්විමට පුද්ගලයකු එවිමට පුළුවන. ඒ පුද්ගලයා හැදින්වෙන්නේ ප්‍රතියුක්තයා (පෙරකලාසිකරු) වශයෙනි. ප්‍රතියුක්තයකුට රැස්විමකට සහභාගි විය හැක්කේ ඒ සදහා කොටස් හිමියකු විසින් ලිඛිතව බලය පවරා තිබේනම් පමණි. එසේ බලය පවරණ ලද ලියවිල්ල සාධන පත්‍රය හෙවත් ප්‍රතියුක්ත පත්‍රය නමින් හැදින්වේ. මේ ප්‍රතියුක්තයා සමාගමේ කොටස් හිමියකු විම අනිවාර්ය නොවේ.
