පොදු සමාගමක යෝජනා ප්‍රධාන වශයෙන් ත්‍රිවිධය. ඒවානම් සාමාන්‍ය යෝජනා, විශේෂ යෝජනා අති විශේෂ යෝජනා වේ.
සාමාන්‍ය යෝජනා : සාමාන්‍ය යෝජනාවක් සම්මත කර ගැනිම සදහා මහ සභා රැස්විමට සහභාගිවන ඡන්ද දිමේ හිමිකම ඇතිව, එසේ සහභාගිවන, ඡන්ද දිමේ හැකියාව ඇතිව, එසේ ඡන්දය දෙන සාමාජිකයනට බහුතර ඡන්දය අවශ්‍යවේ. අධ්‍යක්ෂක වරුන්ගේ සංඛ්‍යාව වෙනස් කිරිම, ඔවුන් පත් කිරිම, ඉවත් කිරිම යන ආදිය සදහා සාමාන්‍ය යෝජනාවක් ප්‍රමාණවත් වේ.
විශේෂ යෝජනා -විශේෂ යෝජනාවක් සම්මත කර ගැනිමේ අවශ්‍යතාවය සදහන් කරමින් සමාගමි පනතේ දක්වා ඇති දින නියමයන්ට අනුකූලව සමාජිකයන්වෙත දැන්විමක් කළ යුතුය. විශේෂ යෝජනාවක් සම්මත කර ගැනිම සදහා සහභාගිවන ඡන්ද දිමේ හිමිකම ඇතිව, එසේ ඡන්ද දෙන සාමාජිකයන්ගේ හතරෙන් තුනකට නො අඩු සංඛ්‍යාවකගේ කැමැත්ත අවශ්‍යවේ. සමාගමේ නම වෙනස් කිරිම, පරමාර්ථය වෙනස් කිරිම, ප්‍රාග්ධන අවකරණ (reduction of capital) ව්‍යවස්ථාවලිය සංශෝධනය කිරිම, සංචිත ප්‍රාග්ධනයක් (reserve capital) ඇති කිරිම ආදිය සදහා විශේෂ යෝජනා අවශ්‍ය වේ.
අති විශේෂ යෝජනා - අති විශේෂ යෝජනාවක් සම්මත කර ගැනිම සදහා ඒ යෝජනාවේ අවශ්‍යතාවය ෙගන හැර දක්වමින්, මහසභා රැස්විමක් පැවැත් විය යුතු බව කොටස් හිමියනට දැනුම් දිය යුතුය. අති විශේෂ යෝජනාවක් සම්මත කරගත යුත්තේ විශේෂ යෝජනාවක් සම්මත කරගන්නා ආකාරයටය. යම් වර්ගයක කොටස් හිමියන්ගේ අයිතිවාසිකම් සංශෝධනය කිරිම, සමාගම විසුරුවා හැරිම සදහා අනුමැතිය ලබාගැනිම යන ආදි සදහා අති විශේෂ යෝජනා සම්මත කර ගැනිම අවශ්‍ය.