රැස්විම
 

සීමා සහිත සමාගමක් විසින් පවත්වනු ලබන රැස්විම් (statutory meeting)  ව්‍යවස්ථාපිත රැස්විම  වාර්ෂික මහසභා රැස්විම් (annual general meetings) අති විශේෂ මහ සභ‍ා රැස්විම් (extraordinary general meeting)  යනුවෙන් ත්‍රිවිධාකාර වේ.


ව්‍යවස්ථාපිත රැස්විම් - මේ රැස්විම් පැවැත්විමේ අරමුණ සමාගමේ මුල්‍යතත්ත්වය කොටස් හිමියන්ට දැනුම්දිමත් සමාගමේ වර්තමාන තත්ත්වය (financial position) පිළිබද අවබෝධයක් කොටස් හිමියන්ට ලබා දීමත් වේ. පෞද්ගලික සමාගම් සම්බන්ධයෙන් ව්‍යවස්ථාපිත රැස්විම් අදාල නොවේ. එහෙත් සෑම පොදු සමාගමකම ව්‍යාපාර කටයුතු ආරම්භ කිරිමට හිමිකම් ලැබු දින සිටම මාසයකට නොඅඩු තෙමසකට නොවැඩි කාලයක් ඇතුලත මෙම රැස්විම් පැවැත්විය යුතුය. මේ රැස්විම් වාර්තාවේ පිටපතක් සමාගම් රෙජිස්‍ටාර් වෙත අනිවාර්යෙන්ම ඉදිරිපත් කළ යුතුය.


වාර්ෂික සංවත්සරික මහ සභාරැස්විම - සෑම පොදු සමාගමක්ම වාර්ෂික මහ සභා රැස්විමක් පැවැත්විය යුතුය. වාර්ෂික මහ සභා රැස්විම දෙකක් අතර උපරිම කාලය මස 15 නො ඉක්ම විය යුතුය. මේ මහ සභා රැස්ව‍ිමේ අරමුණු අතර ඉකුත් වාර්ෂයේ ව්‍යාපාර කටයුතු පිළිබදව සාමාජිකයන්ට දැනුම් දිම, ගෙවු ලාභාංශ් යෝජිත ලාභාංශත් කොටස් කරුවන් ලවා අනුමත කරවා ගැනිම, සමාගමේ අධ්‍යක්ෂවරුන් හා විගණකවරුන් (auditors) පත් කර ගැනිම, නව සභාපති වරයකු පත් කර ගැනිම, සමාගමට අදාළ නව යෝජනා ඉදිරිපත් කිරිම් සදහා කොටස් හිමියන්ට අවස්ථාව ලබා දිම යන ඒවා ප්‍රධාන වේ.


අති විශේෂ රැස්විම් - වාර්ෂික මහ සභා රැස්විමක් නොවන කවර හෝ මහ සභා රැස්විමක් අති විශේෂ රැස්විමක් වේ. මේ රැස්විම් පහත සදහන් අයුරු කැදවිය හැකිය.




    1. අධ්‍යක්ෂ මණ්ඩලයේ අභිමතය පරිදි
    2. ගෙවා නිමි ‍ෙකාටස් ප්‍රාග්ධනයෙන් 1/10 කට නොඅඩු ප්‍රමාණයක් හිමි සාමාජිකයන්ගේ ඉල්ලිම මත

කොටස් ප්‍රාග්ධනයක් නැති සමාගමක් සම්බන්ධ වු විට ඡන්ද බලය හිමි සාමාජිකයන්ගේ 1/10 කට නො අඩු සංඛ්‍යාවක‍ෙග් ඉල්ලිම මත


ඉහත සදහන් 2,3 සම්බන්ධ වු විට‍ ඇති විශේෂ රැස්විමක් කැදවිම අධ්‍යක්ෂක වරුන් පැහැර හරින අවස්ථාවකදි ඒකි සාමාජිකයනට ම හෝ ඔහුන්ගේ මුළු ඡන්ද බලයෙන් අඩකට වැඩි කොටසක් නියෝජනය කරන්නවුන්ට හෝ රැස්විමක් කැදවිය හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017