සීමාසහිත සමාගම් වල පරිපාලනය
 

සිමාසහිත සමාගමක අ‍යිතිය එහි කොටස් හිමියන් සතුය. එහෙත් කොටස් හිමියන් සියලු දෙනාටම සම‍ාගමේ ‍එදිනෙදා කටයුතු වලට සහභාගි විය නොහැකි නිසා ඔවුන් වෙනුවෙන් ක්‍රියා කිරිමට සෑම වර්ෂික මහ සභා රැස්විමකදිම අධ්‍යක්ෂ මණ්ඩලය තෝරා පත් කෙරේ. මෙලෙස තෝරා පත් කරන අධ්‍යක්ෂ මණ්ඩලය විසින්සමාගමේ එදි නෙද‍ා කටයුතු කිරිම සදහා කළමණ‍ාකාර අධ්‍යක්ෂවරයෙක් (managing director) පත් කෙරේ. අධ්‍යක්ෂ මණ්ඩලය කළින් කළ රැස්වි, සමාගමේ කටයුතු වලට අදාල විවිධ තීරණ ගන්නා‍ අතර ඒවා ක්‍රියාත්මක කරන්නේ සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂවරයාගේ මුලීකත්වයෙනි.

මේ හැර අධ්‍යක්ෂවරුන් සතු බලතල අතර ඉහළ ම‍ට්ටම්වල නිළධාරින් පත් කිරිම, ව්‍යාපාර කටයුතු කළමණාකරණය, මහ සභා රැස්විම් වලදි ගනු ලබන තීරණ කිරිම සහ චෙක්පත් (cheques) පොරො‍න්දු නෝට්ටු (promissory), විනිමය බිල්පත් (bills of exchange) යනාදි වැදගත් ලිපි ලේඛන සම්බන්ධයෙන් කටයුතු කිරිම ප්‍රධාන වේ.

සමාගම් පනත අනුව සෑම සමාගමක අවම වශයෙන් එක් ලේකම්වරයකු වත් සිටිය යුතුය.‍ ලේඛම් වරයකු වශයෙන් පත්විම සදහා දිවුරුම් දුන් නිතිඥයකු විම, ශ්‍රිලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ හෝ එක්සත් රාජධානියේ වරලත් ගණකාධිකාරි ආ‍යත‍නයේ හෝ එක්සත් ර‍ාජධානියේ වරලත් කළමණාකාරණ ගණකාධිකාරි ආයතනයේ හෝ වරලත් ලේකම්වරුන්ගේ ආයතනයේ හෝ සමාජිකයකු විම යනාදි සමාගම් රෙජිස්‍‍ටාර් පිළිගන්නා එක් සුදුසුකමක් හෝ තිබිය යුතුය.

අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ලේකම් වරයා යම් පරිශ්‍රමයක් (remuneration) මත නිශ්චිත කාල සීමාවකට පත් කෙරෙන අතර ඒ කාල සීමාව තුළ ඕනෑම අවස්ථාවකදි ඔහු ඉවත කිරිමට අධ්‍යක්ෂක මණ්ඩලයට පුළුවන.

(c) Shilpa Sayura Foundation 2006-2017