ණයකර (සෘණ පත්‍ර) වර්ග
 

ණයකර යනුවෙන් අදහස් කරන්නේ යම් පොදු සමාගමක් ණය මුදලක් ලබාගත් බවත් ඒ ණය හා එයට අදාල පොළිය නියමිත කොන්දේසි සහිත ‍ෙගවිමට ගිවිස ගත් බවත් ප්‍රකාශ කරමින් සමාගමේ මුද්‍රාව සහිතව නිකුත් කරන ලියවිල්ලයි. මේ ලෙස ණයකර මගින් පොදු සමාගමකට ප්‍රාග්ධනය සැපයුවෝ සමාගමේ පොදු ණය ප්‍රාග්ධන හි‍මියෝ වෙති. ණයකර සදහා ගෙවන පොළිය ඒවා නිකුත් කරන අවස්ථාවේ දි නියමිත කරන අතර එය ගෙවිමට සමාගම් බැදි සිටි. ණයකර විවිධ ආකාරයෙන් නිකුත් කළ හැකිය.

සමාගමක් සතු යම් දේපොළක් ඇපයට තබා නිකුත් කරන නයකර, උකස් ණයකර (mortgage debentures) වේ. එසේ අපයක් නැතිව නිකුත්කරන ණයකර විවෘත ණයකරයnaked debentures). උකස් ණයකර දෙයාකාරය. ඒවා ස්ථාවර (fixed) උකස් ණයකරත්‍ වල (floating) උකස් ණයකරත් වේ. ස්ථාවර උකස් ණයකරයක් යනු සමාගම සතු නිෂ්චිත දේපොළක් (property) ඇපයට තබා නිකුත් කරණ ණයකරයි. එලෙස නිශ්චිත දේපලක් සදහන් නොකර සියලුම දේපල ඇපයට යටත්වන ආකාරයෙන් නිකුත් කරන ණයකරවල උකස් ණයකර වේ. ඒ හැර සීමා සහිත සමාගම් වලට අවශ්‍ය අරමුදල්, බැංකු හා මුල්‍ය ආයතන (financial intuitions) මගින්ද ලබාගත හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017