සීමාසහිත පොදු සමාගමක ව්‍යවස්ථාවලියෙන් අනුමැතිය දි ඇති විට, වටිනාකම සම්පුර්ණයෙන් ගෙවා ඇති කොටස් වෙනුවෙන් අධ්‍යක්ෂ වරුන්ගේ අභිමතය පරිදි, සමාගමේ පොදු (common) මුද්‍රව යටතේ කොටස් බලපත්‍ර (share warrants) නිකුත් කිරිමට සමාගමට පුළුවන. කොටස් බලපත්‍ර දරණ පුද්ගලයාගේ නම් සමාගමේ සාමාජික ලේඛනයේ ඇතුළත් නොවේ. හුදු භාර දිමෙන් කොටස් බලපත්‍රය අන්සතු කළ හැකිය. කොටස් බලපත්‍ර ධාරකයාගේ (holder) ඉල්ලිම මත කොටස් සහතිකවලට පරිවර්ථනය කළ හැකිය.