සීමාසහිත සමාගමක කොටස් ප්‍රමාණයක් යම් පුද්ගලයකු විසින් මිලට ගෙන ඇති විට ඒ බව සදහන් කරමින් ඒ තැනැත්තා සමාගමේ සාමාජිකයකු බව ප්‍රකාශ කරමින්ද සමාගමේ නිල (official) මුද්‍රාව තබා නිකුත් කරන ලියවිල්ල කොටස් සහතිකය (share certificate) යි.
කොටස් සහතිකයක් ලබා ගැනිම සදහා කොටසක සම්පුර්ණ අගය ගෙවා නිම කිරිම අවශ්‍ය නොවේ. ගෙවා නිම කළ වටිනාකමට පමණක් කොටස් සහතිකය නිකුත් කළ හැකිය. කොටස් සහතිකය හිමි සාමාජිකයනට ලාභාංශ ලැබිමට අමතරව රැස්විම්වලට සහභාගි විම,ඡන්දය පාවිච්චි කිරිම, යෝජනා ඉදිරිපත් කිරිම යනාදි අයිතිවාසිකම් ලැබේ.