සීමා සහිත පොදු සමාගමක කොටස් වර්ග
 

සීමාසහිත සමාගමක කොටස් ප්‍රාග්ධනය විවිධ කොටස් වර්ගවලට බෙදිය හැකිය. එවා




    1. සාමාන්‍ය කොටස්
    2. වරණිය කොටස්
    3. විලම්භිත කොටස් (අදිකර්තෘ කොටස්)

සාමාන්‍ය කොටස් - සමාගමක ප්‍රාග්ධනයට අයත් වන ප්‍රධාන කොටස් වර්ගය වන්නේ සාමාන්‍ය කොටස් (ordinary shares)  ය. මේ කොටස් නිකුත් කිරිමේ නිශ්චිත ලාභාංශ ප්‍රමාණයක් සදහන් නොකරේ. ඒ ඒ වර්ෂයේ ලබන ලාභය අනුව මේ කොටස් වර්ග සදහා ගෙවිය හැකි ලාභංශ ප්‍රතිශතය තීරණය කරන්නේ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසිනි. ඒ අනුව වැඩි ලාභ ප්‍රමාණයක් ඇති වර්ෂවල අඩු ලාභාංශ ප්‍රතිශතයක්ද මේ කොටස් සදහා සාමාන්‍යයෙන් ලැබේ. ලාභ අඩු ඇතැම් වර්ෂවලදි සමාන්‍ය‍ කොටස් සදහා ලාභාංශ නොලබි යාමටද පුළුවන. එපමණක්ම නොව සමාගම විසුරුවා හරින අවස්ථාවකදි සාමාන්‍ය කොටස් හිමියනට ඔවුන්ගේ වගකීම සදහා ගෙවනු ලබන්නේ ද සෙසු වගකිම් ගෙවා නිම කිරිමෙන් පසුවය.


වාරණිය කොටස් -  මේ කොටස් සදහා නිශ්චිත ලාභංශ ප්‍රතිශතයක ඒවා නිකුත් කරන අවස්ථාවේදි ම සදහන් කෙ‍ෙර්. සමාගමේ ලාභංශ අඩු වැඩි වුවද වරණිය කොටස් (preference shares) සදහා ලැබෙන්නේ එසේ කලින් නියම කරන ලද ලාභාංශ ප්‍රතිශතය ම වේ. සමාගමේ ප්‍රාග්ධනය ආපසු ගෙවන අවස්ථාවක් පැන නැගුන හොත් එහි දිද ප්‍රමුඛතාව ලැබෙන්නේ මේ කොටස් වර්ගය සදහාය.

වරණිය කොටස් නිකුත් කිරමේදි ඇතැම්විට ඒවා සමුච්චිත (cumulative) වරණිය කොටස්ද අසමුච්චිත (non – cumulative )  වරණිය කොටස් වශයෙන්ද නිකුත් කරනු දැකිය හැකිය. යම් වර්ෂයකදි ලාභ අඩු විම හේතුවෙන් වරණිය කොටස් සදහා නියමිත ලාභාංශ ‍ඒ වර්ෂවල නොගෙවා, ඊලග වර්ෂයේදි හෝ ලාභ ඇති වර්ෂයක දි හෝ හිග ලාභාංශද සමග ගෙවිය හැකිවන සේ නිකුත් කරන වාරණ කොටස් සමුච්චිත ව‍ාරණිය කොටස් නමින් හැදින්වේ. යම් වර්ෂයක ලාභයක් නොතිබිම හේතුවෙන් වෙනත් වර්ෂයකදි එය ලාබා ගැනිමේ හිමිකම නැතිව නිකුත් කෙරෙන කොටස් අසමුච්චිත වාරණිය කොටස් වේ.


ඒ හැර වාරණිය කොටස් සදහා ලාභංශද සාමාන්‍ය කොටස් සදහා තීරණය ගත් ලාභාංශච ගෙවිමෙන් පසු තවත් ලාභ ඉතිරිවි ඇත්නම් ඒවායින් යම් කොටස් භුක්ති විදිමට ඉඩ සැළසෙන ලෙස නිකුත් කරන කොටස් සහභාග (participating)  වරණිය කොටස් වශයෙන් හැදින්වේ.


සමහර වාරණිය කොටස් නිකුත් කරන්නේ යම් කාල සීමාවක් සදහාය. ඒ කාල සීමාව අවසානයේදි කොටස් හිමියන්ගේ කොටස් මුදල් අ‍ාපසු ගෙවිමේ පොරොන්දුව පිට නිකුත් කෙරෙන වාරණිය කොටස් හැදින්වෙන්නේ නිදහස් කළ හැකි ( redeemable) වාරණිය කොටස් ලෙසය. කොටස් මුදල් යම් කාල සීමාවක් අවසානයේදි අපසු ගෙවිමේ පොරොන්දුව නැතිව නිකුත් කරන කොටස් නිදහස් කළ නොහැකි (irredeemable)  වරණිය කොටස් වේ.


විලම්භිත කොටස් (අදිකර්තෘ කොටස් ) - මේ කොටස් සාමාන්‍යයෙන් නිකුත් කරනු ලබන්නේ සමාගම ආරම්භ කිරිමට මුල් වු ප්‍රවර්ධකයන් සදහාය. ඔවුන‍ට වාර්ෂික ලාභංශ ගෙවනු ලබන්නේ කලින් සදහන් කල වාරණිය කොටස් හිමියනට සාමාන්‍ය කොටස් හිමියනට ලාභංශ ගෙවිමෙන් පසුවය. මේ අනුව අධික ලාභයක්  ඇති වර්ෂයකදි අධික ලාභාංශ ප්‍රතිශතයක්ද ලාභ අඩු වර්ෂයක දි අඩු ප්‍රතිශතයක් ලැබිය හැකි අතර ලාභ නැති වර්ෂයකදි කිසිවක් නොළඹි යාමටද පුළුවන. සමාගම් විසුරුවා හරින අවස්ථාවක දි විලම්භිත/ආදිකර්තෘ (Deferred/founders) කොටස් හිමි පුද්ගලයනට ගෙවනු ලබන්නේ සෙසු සියලු වගකීම් ගෙවා නිම කිරිමෙන් පසුවය.

(c) Shilpa Sayura Foundation 2006-2017