සීමා සහිත පොදු සමාගමක ප්‍රාග්ධන සම්පාදනය
 

සීමා සහිත පොදු සමාගමක ප්‍රාග්ධන සම්පාදනය කිරිමෙහිලා යොදාගත හැකි විකල්ප මාර්ග කිහිපයක් තිබේ ඒවා අතරින් ප්‍රධාන මාර්ගය වන්නේ කොටස් ණයකර ද නිකුත් කිරිමයි. මහජනයාට කොටස් හෝ ණය කර හෝ නිකුත් කෙරෙ නම් එලෙස කළ යුත්තේ සංස්ථා ප්‍රකාශය යනු සීමා සහිත පොදු සමාගමක් එහි කොටස් වලට හෝ ණය කර වලට හෝ දායක වන ලෙසට මහජනයාට කරන ආරාධනවකි. මෙහි පිටපතක් සමාගම් රෙජිස්‍ටාර් වරය‍ා වෙත ඉදිරිපත් කළ යුතුවේ. සමාගමේ නම, ව්‍යාපාරයේ ස්භාවය, පරමාර්ථය, අධ්‍යක්ෂවරුන් පිළිබද විස්තර, මෙතෙක් නිකුත් කර ඇති කොටස් /ණයකර වර්ග, ඒවායේ නාමික අගය, ප්‍රාග්ධනය සකස්වි ඇති ආකරය, කොටස් ණය කර සදහා මුදල් ගෙවිය යුතු ආකාරය, විගණන කරුවන් හා බැංකු කරුවන් පිළිබද විස්තර යනාදි කරුණු මෙහිලා ඇතුළත් වේ.


පවත්නා සමාගම් ප්‍රාග්ධනය වැඩිකර ගන්නා ක්‍රම දෙකකි. ඒවා පහත දැක්වේ.



  1. ප්‍රසාද නිකුතුව (bonus issue)
  2. හිමිකම් නිකුතුව (right issue)

ප්‍රසාද නිකුතුව -  සීමා සහිත පොදු සමාගමක් එහි නොබෙදු ලාභ ප්‍රයෝජනයට ගෙන සමාගමේ දැනට සිටින කොටස් හිමියන් වෙත යම් අනුපාතයක් පදනම් කර ගෙන , කොටස් නොමිලේ නිකුත් කිරිම ප්‍රසාද නිකුතුව වේ. ප්‍රසාද කොටස් නිකුත් කිරිමෙන් සිදු කරනුයේ නොබෙදු ලාබ ප්‍රාග්ධනය(capitalization ) කිරිමයි.


හිමිකම් නිකුතුව (අයිතිවාසිකම් නිකුතුව)  - සීමා සහිත පොදු සමාගමක් මෙතෙක් නිකුත් කර නැති ප්‍රාග්ධනයෙන් යම් ප්‍රමාණයක්, යම් අවස්ථාවකදි සිටින කොටස් හිමියන් අතර යම් අනුපාතයකට අනුව නියමිත මිලකට නිකුත් කිරිම හිමිකම් නිකුතුව වේ. කොටස් හිමියකුට වෙන්කර ඇති කොටස් ප්‍රමාණය මිලට නොගන්නේ නම් එය වෙනත් කෙ‍නකුට පැවැරිය හැකිය.


පොදු සමාගමක ප්‍රාග්ධන වර්ගිකරණය.


සමාගමක මුළු කොටස් ප්‍රාග්ධනය සංගමිකසංස්ථා පත්‍රයේ සදහන් වේ. එය ලියාපදිංචි අනුදත් නාම මාත්‍ර ප්‍රාග්ධනය නමින් හැදින් වේ. මෙය සමාගමට නිකුත් කළ හැකි උපරිම ප්‍රාග්ධන ප්‍රමාණය වේ. ලියා පදිංචි මුළු ප්‍රාග්ධනය එකවර නිකුත් කිරිම සාමාන්‍යයෙන් සිදු නොවේ. බොහෝ විට සිදු වන්නේ සමාගම් ව්‍යාපාර කටයුතු කරගෙන යාමට හැකි වන පරිදි කොටස් වරින් වර නිකුත් කර ප්‍රාග්ධනව ලබා ගැනිමයි. මෙසේ නිකුත් කරන ලද කොටස්වල නාමික අගය නිකුත් කළ (issued) ප්‍රාග්ධනය ලෙස හැදින්වේ. නිකුත් කළ කොටස්වල නාමික අගය නිකුත් නොකළ (unissued) ප්‍රාග්ධනය නමින් හැදින්වේ. නිකුත් කළ කොටස්වල නාමික අගයෙන් යම් ප්‍රමාණයක්  කොටස්වල අයැදුම් කිරිමේ (application) දි ද තව ප්‍රමාණයක් කොටස් විභජනයේ (allotment) දි ද  ශේෂය අවශ්‍ය වන පරිදි ඇරැයුම් කිරිමෙන්ද යන මේ අනුපිළිවෙළට වරින් වර ලබා ගත හැකිය. මේලෙස, අයදුම් කිරිමේ දිත් විභජනය කිරිමේදිත් ඇරැයුම් කිරිමේදිත් ‍ෙගවන සේ නියම කරන මුදල ඇරයු (called up) ප්‍රාග්ධනය ලෙස සැළකේ. ශේෂය නොඇරැයු (uncalled) ප්‍රාග්ධනය ලෙසත් කොටස් හිමියන් නොගෙවු ප්‍රමාණය හිග හිටි ඇරයුම්  (calls in arrears) ලෙසත් හැදින්වේ.


සමාගමක කොටස් නිකුත් කිරිමේදි ඒවා සම මිලට (at par)  හෝ අධිමිලට(at a premium )  හෝ අව මිලට (at a discount)  හෝ නිකුත්  කරනු දැකිය හැකිය. සම මිලට යන්නෙන් අදහස් කරන්නේ කොටස්, නා‍මික අගයට නිකුත් කිරිමයි. අධිමිල යනුවෙන් අදහස් කරන්නේ නාමික අගයට වැඩි මිලකට නිකුත් කිරිමයි. මෙය සාමාන්‍යයෙන් සිදු වන්නේ කොටස් සදහා අධි ඉල්ලුමක් ඇති අවස්ථාවකය. අවමිලට නිකුත් කිරිම (වට්ටම් මත කොටස් නිකුත් කිරිම) යන්නෙන් අදහස් කරන්නේ කොටසක නාමික අගයට වඩා අඩු මිලකට නිකුත් කිරිමයි. මේ සදහා සමාගමේ මහ සභා රැස්විමකදි යෝජනාවක් සම්මත කරගෙන අධිකරණයේ අනුමැතිය ලබාගත යුතුය.

(c) Shilpa Sayura Foundation 2006-2017