සමාගම් රෙජිස්ටාර් ඉහත සදහන් ලියවිලි පිළිගැනිමෙන් පසු ඔහු විසින් සමාගම ලියා පදිංචි කර, සංස්ථාපන සහතිකය( සම්මුති සහතිකය) (certificate of incorporation) නිකුත් කරනු ඇත. ඒ සමගම සමාගමට නෛතික පුද්ගල භාවයක් ලැබේ. සීමා සහිත පෞද්ගලික සමාගමක නම් සංස්ථාපන සහතිකය ලබා ගත් පසු වෙළද කටයුතු ආරම්භ කළ හැකිය. එසේ වුවුද පොදු සමගමට ඒ සදහා තවත් අවශ්‍යතා කිහිපයක් සපුරාලිමට සිදු වේ. එහිලා පහත සදහන් ලියවිලි සමාගම් රෙජිස්‍ටාර් වෙත ඉදිරිපත් කළ යුතුය.
1.පත්කරන ලද අධ්‍යක්ෂවරුන්ගේ ලැයිස්තුව
සමාගම ලියාපදිංච් කළ පසු පත්කරගන්නා ලද අධ්‍යක්ෂවරුන් පිළිබද තොරතුරු මෙහි ඇතුලත් කළ යුතුය. මේ සදහා අවශ්‍ය ආකෘති පත්‍රයේ සමාගම් රෙජිස්‍ටාර් කාර්යාලයෙන් ලබාගත හැකිය.
2.ව්‍යවස්ථාපිත ප්‍රකාශය
සමාගමේ කොටස් ප්‍රාග්ධනයට (share capital) සහභාගි වන සේ ආරාධනා කරමින් සංස්ථා ප්‍රකාශකයෙක් මහජනයාට නිකුත්කර, ප්‍රාග්ධනය ලබාගෙන ඇති විට පහත සදහන් කරුණු ඇතුළත් ප්‍රකාශයක් සමාගම් ලේකම් හෝ අධ්‍යක්ෂක වරයකු හෝ අත්සන් කර සමාගම් රෙජිස්‍ටාර් වෙත ඉදිරිපත් කළ යුතුය.
අ) කොටස් නිකුත් කිරමෙන් අවම සහභාග මුදලට නො අඩු මුදලක්
ලබාගත් බව
ආ) කොටසක් වෙනුවෙන් මහජනයා මෙතෙක් ගෙවා ඇති මුදලට
සමාන මුදලක් අධ්‍යක්ෂක වරුන් විසින් ගෙවා ඇතිබව.
3.සංස්ථා ප්‍රකාශය වෙනුවට වු ප්‍රකාශය
සංස්ථා ප්‍රකාශයක් (Prospectus) නිකුත් කර නැති අවස්ථාවකදි සමාගම් පනත අනුව ඉදිරිපත් කළ යුතු ප්‍රකාශය හැදින් වෙන්නේ සංස්ථා ප්‍රකාශය වෙනුවට වු ප්‍රකාශය (statement in lieu of prospectus) යනුවෙනි.
4.ලියාපදිංචි කළ කාර්යාලය පිහිටි ස්ථානය පිළිබද දැන්විම
මේ සදහා සමාගම් රෙජිස්‍ටාර් කාර්යාලය සපයන ආකෘති පත්‍රයක් ඇත. එහි සමාගම ලියාපදිංචි කළ කාර්යාලය පිහිටි ස්ථානය පිළිබද විස්තර ඇතුළත් කළ යුතුය. එසේම ඒ කාර්යාලය පිහිටි ස්ථානය වෙනස්කළ හොත් ඒ බව දැනුම් දිය යුතුය.
අධ්‍යාක්ෂවරයකු ලෙස ක්‍රියා කිරිම් සදහා මිලට ගත යුත අවම කොටස් සංඛ්‍යාව ලබාගත් බවට කරන ප්‍රකාශය
ඉහත සදහන් ලියවිලි රෙජිස්‍ටාර් වෙත ඉදිරිපත් කළ විට වෙළද සහතිකය (trading certificate) හෙවත් ව්‍යාපාර ආරම්භ කිරිමේ සහතිකය නිකුත් කෙරේ. සීමා සහිත පොදු සමාගමකට වෙළද කටයුත්තක් ආරම්භ කළ හැක්කේ එයින් පසුවය.